ත‍්‍ර ස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා භාවිතා කළ නිල මැදිරිය පරීක්ෂා කිරීමේදී ප‍්...
ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා භාවිතා කළ නිල මැදිරිය පරීක්ෂා කිරීමේදී ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයට අදාළ ප‍්‍රබල ලේඛන සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (23 දා) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
එහිදී සොයා ගත් එකී ලේඛන හා ඔහුගේ නිල මැදිරියේ භාවිත කළ පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රභු ඝාතන කුමන්ත‍්‍රණය දියත් කළ යුතු ආකාරය සටහන් කළ ලිඛිත සැලසුමක් සිය රියැදුරු මගින් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නාමල් කුමාර නමැත්තාට යවා ඇති බව අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ සබඳතා පැවැත්වූ සිය පියා වන ගායන ශිල්පී අමල් පෙරේරා සමඟ නාලක සිල්වා සමීප සබඳතාවක් පැවැත්වූ බවට ඔහුගේ පුත් නදීමාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබාදී ඇතැයි ද පෙන්වා දුන්නේය.
මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ අත්අඩංගුවට ගෙන ඊයේ (23 දා) ශී‍්‍ර ලංකාවට පිටුවහල් කළ ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගෙන් ද එකී ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අනාවරණය වන තොරතුරු අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව පැවසීය.
සැකකාර නාලක සිල්වා මහතා නාමල් කුමාර සමඟ එකී කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡුා කොට ඇත්තේ ඉතාම සූක්ෂම ආකාරයෙන් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට හා යුද හමුදාවට එක්වීම හා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් හමුදා සේවය අතහැර යෑම සම්බන්ධයෙන් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. තම දෙපාර්තමේන්තුව සැකකරුවන් සම්බන්ධයෙන් පියවර ගන්නේ ඉදිරිපත් වන සාක්ෂි අනුව බව එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරනුයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ බව ද පෙන්වා දුන්නේය.
ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති පරවේශනීය සාක්ෂි ඇතුළත් පිටු 31 ක වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS