දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළු බුර්කාව වෙනුවට පාට පාට හිජාබ් - මුස්ලිම් වියතුන් පෙරමුණ ගනී
Homeප්‍රවෘත්ති

කළු බුර්කාව වෙනුවට පාට පාට හිජාබ් - මුස්ලිම් වියතුන් පෙරමුණ ගනී

PropellerAds

ස ම්පුර්ණ ශරීරය හා මුහුණ ද ආවරණය කර දෑස් ද දැලකින් ආවරණය කරන කළු පැහැති බුර්කාව වෙනුවට වෛවර්ණයෙන් යුතු හිජාබ් ඇඳුම් ශ්‍රී ලාංකීය මුස්ලිම් ක...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
පාර්ලිමේන්තුව 7 වනදා රැස්වෙයි
මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට (PHOTOS)
ම්පුර්ණ ශරීරය හා මුහුණ ද ආවරණය කර දෑස් ද දැලකින් ආවරණය කරන කළු පැහැති බුර්කාව වෙනුවට වෛවර්ණයෙන් යුතු හිජාබ් ඇඳුම් ශ්‍රී ලාංකීය මුස්ලිම් කතුන් වෙත හඳුන්වා දීමට මුස්ලිම් වියතුන්ගේ අවධානය යොමුව තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයෙන් මුස්ලිම් කාන්තාවන් පළඳින කළු පැහැති බුර්කාවට එරෙහිව මතුව ඇති විරෝධය සැලකිල්ලට ගෙන එම පියවර ගන්නා බව එම ව්‍යාපෘතියට මැදිහත්ව සිටින විශේෂඥ වෛද්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඒ අනුව ඊයේ දිනයේම ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පිරිසක් කැඳවා සාකච්ජා කල බවත් ඒ අනුව ඉදිරියේදී රෝස, නිල්, කොළ, තැඹිලි ආදී පැහැයෙන් යුතු හිජාබ් පළදනා මුස්ලිම් කාන්තාවන් වෙත හඳුන්වා දීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


උලමා සංවිධානයෙන් ඉල්ලීමක් :

මේ අතර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන් වෙත ඉල්ලිමක් කරමින් රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට දැනුම් දී ඇත.

බුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකරන බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවි පැවැසීය.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය මාලිගාවත්තේ පිහිටි එහි මූලස්ථානයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්කම් නුරාමිත් මවුලවි මෙසේද කීය.

‘‘බුර්කාව පිළිබඳ අපේ ප්‍රකාශය තමයි මේක සංස්කෘතියක්. ඒ වගේම සෑම දෙනාගේම පෞද්ගළික අයිතිවාසිකමක්. අපි මෙතන සංවිධානයක් විදියට ආගමික නායකයන් විදියට ප්‍රචාරය කරලා නෙමෙයි ඒ අය බුර්කාව දාන්නේ. එහෙම දානවනම් සමස්ථ මුස්ලිම් කාන්තාවන් එය පලදින්න ඕන. අපි කියලා නෙමෙයි මේ කලු පාටින් මුහුණ ආවරණය කරන්නේ. ඒක ඒ අයගේ කැමැත්ත මත මොකක්ද හොඳ කියලා හිතලා දාගෙන යනවා.

නමුත් මේ අවස්ථාවේදී මේ මුහුණු වහගෙන යන අය පිටුපස්සේ කවුද යන්නේ කියලා මහජනතාව බියට පත්වෙලා තියෙනවා. සැකෙන් ඉන්නවා. ඒ නිසා මහජනයාගේ ආරක්ෂාව සඳහාත් අපේ රටේ ඉන්න ආරක්ෂක අංශ වලට සහයෝගය දීම සඳහාත් මේ කාලයේ පොදු ස්ථාන වලට යනවනම් මුහුණ ආවරණය කරන්න එපා කියලා. ඒ මුහුණ ආවරණය කරගෙන යන කාන්තාවන්ගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා.

ඒ වගේම තමන්ගේ හැඳුනුම්පත අරගෙන යන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂක අංශයට සහයෝගය ලබා දෙන ලෙසත් අපි කාන්තාවන්ගෙන් කාරුණික ඉල්ලිමක් කරනවා‘‘

බුර්කා විරෝධය සැකය, අවිශ්වාසය මුසු පීඩාවක් !

ඒ අතර 'වර්ගවාදයට එරෙහි තරුණ ව්‍යාපාරය' පවසන්නේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පසුගියදා පිපිරීම් සිදුවීමත් සමග මතුව ඇති බුර්කා විරෝධය සැකය, අවිශ්වාසය මුසු පීඩාවක් බවයි.

වර්ගවාදයට එරෙහි තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු තුසිත බාලසූරිය මහතා විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමක් වන ‘බුර්කාව’ භාවිතය තහනම් කිරීම සදහා ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට සුදානම් වෙද්දී නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''සාහසික බෝම්බ ප්‍රහාර මාලාවේ ලේ වියළී යාමටත් මත්තෙන් රට පුරා මුස්ලිම් විරෝධී මතවාද ගිනි ජාලා මෙන් පැතිර යයි. ඒ අතර මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාවට එරෙහිව විශාල විරෝධයක් මතුවී ඇත.

එලෙස ඇදුමකට විරෝධය දැක්වීම මුස්ලිම් ජනතාවගේ නිදහසට බාධාවක් බව අප තරයේ විශ්වාස කරන නිසා බෝම්බ බිය පාදක කරගනිමින් මුස්ලිම් ජනතාවට එරෙහිව එවැනි පීඩාවන් එල්ල නොකළ යුතු බව අපගේ අදහසයි.

එය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවයක් නොව අරාබිකරණය මගින් ඇති වුවක් බව විරෝධතාකරුවන්ගේ ප්‍රබල සටන් පාඨයකි. නමුත් මිනිසුන්ගේ ඇදුම් පැළදුම්වලට සීමා දැමීමට ගෝලීයකරණය තුළ ඉඩක් නොමැති බව ඔවුන් වටහා ගත යුතුය.

සෑම රටකම ඇදුම් පැළදුම්වලට අයත් විලාසිතා අද වනවිට ලෝකය පුරාම ව්‍යාප්තව ඇත. එහෙයින් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව අරාබි ඇදුමක් ඇදීම ගැන අමුතුවෙන් උදහස් විය යුතු නැත.

කාලයකට පෙර බුර්කාවක් හැදගෙන ගිය පුරුෂයෙකුගේ වීඩියෝ පටයක්ද සමාජජාල තුළ නැවත සංසරණය වෙයි. එම විඩියෝ පටය බෙදාහරිමින් බුර්කා විරෝධීන් පවසන්නේ බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවය. එය මුස්ලිම් ජනතාව වෙත හෙලන සැක සහිත හා අවිශ්වාසය සහගත බැල්මකි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීම ආරක්ෂක අංශවල වගකීම වන අතර එහි අඩුපාඩු වසා ගැනීමට මිනිසුන්ගේ රෙදි ගැලවීමට යාම මුග්ධ ක්‍රියාවකි.

බුර්කාවේ ස්ත්‍රී පීඩක අර්ථය ගැන සහ මුස්ලිම් ජාතියේ පුරුෂ මුලිකත්වය ගැන උනන්දුවක් දක්වන විද්වත් පිරිසගෙන් ඉල්ලා සිටින්නේ අනියමින් මුස්ලිම් විරෝධී ගින්නට පිදුරු නොදමන ලෙසයි.

සොයා ගැනීමට තවත් බෝම්බ තිබියදී මුස්ලිම් ජනතාව අරාබියට තල්ලු කරන ක්‍රියාවන් නොකර සැකය හා අවිශ්වාසය දුරු කොට වැටී ඇති ආර්ථික, සමාජ හා දේශපාලන ආගාධයෙන් ගොඩ එන මගක් සෙවිය යුතු බව වර්ගවාදයට එරෙහි තරුණ ව්‍යාපාරයේ මතයයි.''

ආශු මාරසිංහ කියන කතාව :

කෙසේවුවද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසන්නේ, රටේ පවතින ආරක්‍ෂක තත්ත්වය සළකා බුර්කාව තහනම් කිරීමට සලකා බැලිය යුතු යැයි තමන් යෝජනා කරන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ බුර්කාව උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ත්‍රස්ත ක්‍රියාවල නිරත වන බවයි.

මෙරට මුස්ලිම් දේශපාලන නායකයින්ද බුර්කාව සාම්ප්‍රදායික මුස්ලිම් ඇදුමක් නොවන බව පිළිගෙන ඇති බව ආශු මාරසිංහ මහතා පවසයි.

ඇතැම් ස්ථානවලට බුර්කාව ඉවත් කර ඇතුල් වන ලෙසට දන්වා ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළු බුර්කාව වෙනුවට පාට පාට හිජාබ් - මුස්ලිම් වියතුන් පෙරමුණ ගනී
කළු බුර්කාව වෙනුවට පාට පාට හිජාබ් - මුස්ලිම් වියතුන් පෙරමුණ ගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaGwXcuDFsU4vv2qgM8qB_F8Oa_lrkEFvUsTVURgsWLOMc2oEnxrJkX1WomwAFmlSY26wMVk_Hxpw9btz7lT3NJtABqsACE_lTP_hmCpsk1qE7xtck1I0550MttZh4MTkt6enCngZv3nzx/s320/b9ce7f5f2a6b6d39e0e2af59adeeab7e_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaGwXcuDFsU4vv2qgM8qB_F8Oa_lrkEFvUsTVURgsWLOMc2oEnxrJkX1WomwAFmlSY26wMVk_Hxpw9btz7lT3NJtABqsACE_lTP_hmCpsk1qE7xtck1I0550MttZh4MTkt6enCngZv3nzx/s72-c/b9ce7f5f2a6b6d39e0e2af59adeeab7e_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_940.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_940.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy