ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අප...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිදූවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබේ.
එම සිදුවීමේ සැකකරුවෙක් වෙන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් 'නේවි සම්පත්' නැමැත්තාට සැඟවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ මෙසේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට නියම කර තිබේ.
COMMENTS