නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර පාර්...
නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
‘‘අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්‍යායපත්‍රය සකස් කිරීමටත්, නව පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් මට සහාය දෙන ලෙස සියලු පර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.‘‘ යැයි ද කතානායකවරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම රැස්වීමට සහභාගී වී සිටිති.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයට 116කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ සහාය ලැබී ඇති බව මෙම රැස්වීට සහභාගී වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.
‘‘තවමත් අපේ ආණ්ඩුව. 123ක් අපිට ඉන්නවා. නිලධාරීන්ට කියන්නේ නීති විරෝධී නියෝග ගන්න අය අපි එළවනවා.‘‘ යැයි මංගල සමරවීර මහතා කීවේය.
COMMENTS