ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජනතා නිද...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසා සිටියි.
කිසියම් හෝ හේතුවකින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කළහොත් පමණක් ඒ සඳහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහිදී මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර සිටියේය.
නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS