පා ස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු අගවා බුද්ධි අංශ නිකුත් කර තිබූ ලිපිය තමන් දුටුවේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් බව ජනපති මෛත්‍රී පවසනවා. අද ජනමාධ...
පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු අගවා බුද්ධි අංශ නිකුත් කර තිබූ ලිපිය තමන් දුටුවේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් බව ජනපති මෛත්‍රී පවසනවා.
අද ජනමාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවේදී ජනපතිවරයා මේ බව කියා සිටියා. පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ තමන් සිටියේ සිංගප්පූරූවේ බවත් සිය මිතුරෙක් එම ලිපිය පෙන්වූ බවත් ජනපති පවසනවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනපතිවරයා පැවසූවේ සිංහල අලුත් අවුරුද්දට තමන්ට බුලත් දීමටද ආරක්ෂක ලේකම් සහ පොලිස්පති පැමිණි නමුත් එම අවස්තාවේ හෝ එම ලිපිය තමන්ට ඔවුන් විසින් නොපෙන්වූ බවයි.
මේ අතර ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් වැනි සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති අවහිරය අද ඉවත් කිරීමට අදහසක් පැවැති බව ජනාධිපතිවරයා පවසනවා.
එහෙත්, කෙටි පණිවිඩ මගින් ඊයේ සිදුවූ වැරදි ප‍්‍රචාර පතුරුවා හැරීමක් හේතුවෙන් එම අදහස වෙනස් කෙරුණු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
සමාජ මාධ්‍ය ආයතන කිහිපයක නියෝජිතයින් මේවනවිට ශ‍්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඔවුන් අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමට ද නියමිතයි.

COMMENTS