ෆේස්බුක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත වහාම දන්වා තිබේ. වෛරීය ප්‍රකාශ ඉවත් කර ...
ෆේස්බුක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත වහාම දන්වා තිබේ.
වෛරීය ප්‍රකාශ ඉවත් කර ගන්නා බවට ෆේස්බුක් සමාගමේ නියෝජිතයින්ගේ එකඟතාවය මත මෙම තීරණය ගනු ලැබූ බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
ටුවිටර් (TWITTER) පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡවක් අද (15) දින කොළඹ, ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.
COMMENTS