පා ස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු හා දත්තයන් සෙසු එවැනි වාර්තාවීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදයම අනුගමනය කරමින්...
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු හා දත්තයන් සෙසු එවැනි වාර්තාවීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදයම අනුගමනය කරමින් ඊට ක්‍රියාත්මක වීමේ බලය හිමි ආයතනයන් වෙත ඒ ඒ අවස්ථාවේදිම කඩිනමින් යොමුකළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව (සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර) ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම ඊට අදාළ උපදෙස් හා නියෝගද නිකුත් කළ බවත් හදිසි නිතිය හෝ වෙනත් යම් විශේෂිත නීති තත්ත්වයක් බලාත්මක නොවන පසුබිමකදී එවැනි කටයුතු වල සම්පූර්ණ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට පැවැරෙන බවත් එවැනි පසුබිමකදී පොලීසිය හා නිසි ආයතනයන් මගින් අත්අඩංගුවට ගැනිම් හා පරීක්ෂා කිරීම් වැනි මෙහෙයුම් සිදුකර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ආරක්ෂක අංශවල යම් රාජකාරි ඉටුකිරීම අතපසුවීමක් හෝ වගකීම පැහැර හැරීමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයද ස්වාධීන පරික්ෂණයක් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ල වෙද්දී ඔහු මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකුටම පවසා තිබුනේ බුද්ධි අංශ විසින් කළ පුර්ව දැනුම්දීම තමා වහාම අදාල දේශපාලන බලධාරීන්ගේ අවධානයට යොමුකළ බවයි.
කෙසේවුවද දේශපාලන බලධාරින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුව ඇතැයි ද ඔහු එහිදී සඳහන් කර ඇත.

COMMENTS