දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ - ජවිපෙ කියයි
Homeප්‍රවෘත්ති

අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ - ජවිපෙ කියයි

PropellerAds

කො ළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ එම ත‍්‍රස්ත ක‍්‍ර...

දුම්රිය බෝම්බ සිද්ධිය: බොරු කී ශිෂ්‍යාවට ඇප
දක්ෂිණ අධිවේගීයේදී ගැබිණි කාන්තාවක් ගිලන් රියෙන් ඇද වැටෙයි
එජාපය හදිසියේ රැස්වී ගත් තීරණය මෙන්න
කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ එම ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ යයි තවමත් විශ්වාස නොකරන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. කෙසේ වෙතත් ඔහු වරදක් කර ඇත්නම් නීතිය ක‍්‍රියාත්මක කල යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

මේ අතර ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු වීම සම්බන්ධයෙන් එම පක්‍ෂය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඔවුන් විසින් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් පුද්ගලයන්ට අවස්ථාව දීමේ පදනමින් ඔහු ජාතික ලයිස්තුවට එක් කල බවයි.

2015 ජනතා විමුක්ති පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලයිස්තුවෙන් මෙම යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් දැක්වෙන්නේ ‘ව්‍යාපාරික’ ලෙසයි

සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

ජනමාධ්‍ය නිවේදනයයි

නිරායුධ අහිංසක සිවිල් පුරවැසියන් 300කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් හා 500කට වැඩි ප්‍රමාණයකට තුවාල සිදුකරමින් පසුගිය 21දා එල්ල කරන ලද ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ අනාරක්ෂිතභාවයක් හා නොසන්සුන්තාවයක් මතුව තිබේ. මෙම තත්වය මගහරවා රට තුළ යළි සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට හැකි ආරක්ෂිත තත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ බලධාරීන් ඇතුළු කාගේත් වගකීම වේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්ව ඇති බව පැහැදිලිය. දැන් බලධාරීන් විසින් කළ යුත්තේ එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීම නොව අදාල වගකීම් භාරගෙන මෙවැනි තත්වයන් යළි ඇති නොවීමටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමටත් පියවර ගැනීමය.

අනෙක් අතට සියලුම පුරවැසියන්ගේ හා දේශපාලන කණ්ඩායම්වල වගකීම වන්නේ මෙම සංවේදී මොහොත මෙම පටු දේශපාලන වාසි සඳහා යොදා නොගෙන වගකීම් සම්පන්නව කටයුතු කිරීමය. එහෙත් සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑමේ’ උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අවලාද නැගීම එවැනි උත්සහයක් බව පෙනේ. එබැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි අපි සිතමු.

මෙ සිදුවීමට අදාළව දෙමටගොඩදී අත්අඩංගුවට ගනු ලැබ ඇති එක් පුද්ගලයෙක් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙක් බව තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ජවිපෙ සාමාජිකයෙක් හෝ ක්‍රියාකාරිකයෙකු නොවේ. ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් යෝජනා කරනු ලැබුවේ මැතිවරණයකදී තරඟ නොකරන විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් දීම සඳහාය.

ජවිපෙ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අනුමත කරන පක්ෂයක් නොවන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලු දෙනාම දන්නා කරුණකි. එසේ තිබියදී මෙම සිදුවීමට අදාළ වූ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පදනම් කරගෙන ජ.වි.පෙ.ට අවලාද නැගීම බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් දුෂ්ට අරමුණින් සිදුකරන ක්‍රියාවකි.

මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා හෝ ඔහුගේ පවුලේ අය මෙයට කිසියම්ම හෝ සම්බන්ධතාවයක් තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කිරීම ආරක්ෂක අංශවල කාර්යයක් වන අතර ඒ සඳහා ඕනෑම සහයක් ලබාදීමට ජ.වි.පෙ.ත් සූදානම් බවද අවධාරණය කළ යුතුය.

අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, විවිධ පන්නයේ වංචාවලට දූෂණවලට වගකිව යුතු දූෂිතයන් සිය නිරුවත වසා ගැනීම සඳහාත් තම පටු දේශපාලන වුවමනාවන් සඳහාත් මෙවැනි සංවේදී සිදුවීම් යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට ඉදිරිපත් වීම කණගාටුවට කරුණක් බවය. එය වගකිව යුතු සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවකි.

එබැවින් මෙවැනි අවලාදවලින් නොමඟ නොයන ලෙසත් මෙම සංවේදී මොහොතේ වගකීමෙන් යුතුව එක්ව කටයුතු කරන ලෙසත් අපි සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්

එම්. ටිල්වින් සිල්වා
ප්‍රධාන ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ - ජවිපෙ කියයි
අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ - ජවිපෙ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfWV-enRPbK_nebFNM47B_DDDeS6UHKSieN-jJejyekiv8CAK7IWXrTnuHAkdknDDVLxPLYcbjdwfVNGYkXwI8rQoqqRsRkI_IrPPZG6A2nGXAZIoZvTzeQBLZDhTApUIpdARxqYCt1G1S/s320/javp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfWV-enRPbK_nebFNM47B_DDDeS6UHKSieN-jJejyekiv8CAK7IWXrTnuHAkdknDDVLxPLYcbjdwfVNGYkXwI8rQoqqRsRkI_IrPPZG6A2nGXAZIoZvTzeQBLZDhTApUIpdARxqYCt1G1S/s72-c/javp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_755.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_755.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy