මේ වන විට මීගමුව ඇතුළු වෙරළබඩ ප්‍රදේශයේ පානීය ජල සැපයුම් වලට වස මිශ්‍ර කොට ඇති බවත් ඒ හෙයින් පානීය ජල සැපයුම් කපා හැර ඇති බවත් නිල නොවන ආර...
මේ වන විට මීගමුව ඇතුළු වෙරළබඩ ප්‍රදේශයේ පානීය ජල සැපයුම් වලට වස මිශ්‍ර කොට ඇති බවත් ඒ හෙයින් පානීය ජල සැපයුම් කපා හැර ඇති බවත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර නල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන කටකතාව සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව පොලීසිය පවසයි.
එවැනි සිදුවීමක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නැති බවත් මෙවැනි අසත්‍ය කටකතාවලට නොරැවටෙන ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම නල ජලයට වස මිශ්‍රවී ඇති බවට වාර්තාවන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයද සඳහන් කරයි.
නල ජලය පැයෙන් පැයට පරීක්ෂා කරන බවට එම මණ්ඩලය සඳහන් කරයි.
නල ජලයට කිසි ලෙසකින්වත් වසවිෂ එකතු කළ නොහැකි බවද එම මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS