ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විම...
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විමට අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හදුන්වාදෙනු ලැබුවේය.
එම මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදු වේ. ඒ අනුව මේ මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය අද (10) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිල වෙනස් වී නොමැති බැවින් මේ මාසය සදහා ඉන්ධන මිලද සංශෝධනයක් සිදු නොවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනය වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ද ඉහළ දමනු ලැබුවේය.

COMMENTS