ඊයේ සිදුවූ පිපිරීම් සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා ද ඇතැයි තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා. මෙම පිපිරීම් ම...
මේ අතර ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් කැඳවා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර සහය ලබා දෙන්නැයිද, ජනාධිපතිවරයා විදේශ තානාපතිවරුන්ගෙන් සහ මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටිනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
ඊයේ සිදුවූ පිපිරීම් පිටුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙලෙස ජාත්‍යන්තර සහය ඉල්ලා සිටිනු ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
COMMENTS