පාස්කු ඉරිදා දිනයේ ජනතා ජීවිත විනාශ වීමට ඉඩහැරීමේ වගකීමෙන් මිදිමට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට හෝ ආණ්ඩු පක්ෂයට නොහැකි බව ශ්...
ත්‍රස්තවාදය, අන්තවාදය සම්බන්ධයෙන් විපක්ෂය කළ අනතුරු ඇඟවීම් නොසලකා හැංගිමුත්තන් කිරීමේ විපාක විඳින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බව පැවසූ රණතුංග මහතා ඉල්ලා අස්විය යුත්තේ ආරක්ෂක ලේකම්, පොලිස්පති පමණක් නොව ජනාධිපතිවරයා,අගමැතිවරයා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව බවත් අවධාරණය කළේය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් උඩුගම්පොළ පිහිටි සිය නිවසේ දී හමුවූ අවස්ථාවේදීය. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කරන අතරම තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. විශාල පිරිසක් මෙවන් ආපදාවකට පත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතුයි. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට මේ වගකීමෙන් මිදෙන්නට පුළුවන්කමක් නැහැ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි 2015 සිටම මේ ආණ්ඩුවට අනතුරු අඟවලා තිබුණා. ආණ්ඩුව කළේ ජාතික ආරක්ෂාව සෙල්ලමකට ගන්න එකයි. වසර තිහක යුද්ධයක් නිමා කරලා වසර දහයක් යන්නටත් පෙර මේ ආණ්ඩුව ඒ සුවිසල් ජයග්‍රහණය විනාශ කරලා ජනතාවගේ ජිවිත අනතුරේ දැමුවා. යහපාලන ආණ්ඩුව මහ බැංකුව කොල්ලකාලා ආර්ථිකය විනාශ කළා වගේම අන්තවාදයට ඉඩදීලා ආරක්ෂාවත් විනාශ කළා.
එදා යුද්ධයට නායකත්වය දීපු මහින්ද රාජපක්ෂ මහතාගේ පටන් සියලු රණවිරුවන්, බුද්ධි අංශ සාමාජිකයන් දඩයම් කරමින් ආණ්ඩුව හැසිරුණේ හිතුවක්කාරී විදියටයි. ඒ හිතුවක්කාරකමේ ප්‍රතිඵල භුක්ති විඳින්න සිදු වෙලා තියෙන්නේ අහිසංක ජනතාවට බව දැන් පැහැදිලි වෙලා තියෙනවා.
මෙතරම් විනාශයක් වෙලා තියෙන කොට වුණත් ආණ්ඩුවේ හිතුවක්කාරකම, අමනකම අඩු වෙලා නැති බව මේ දවස්වල ප්‍රවෘත්ති පත්‍ර බලන විට පැහැදිලි වෙනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපැත්ත බෙදිලා බෝලේ පාස් කරමින් සිටිනවා මිසක් මේ වගකීම භාරගෙන නැවතත් විනාශයක් සිද්ධ නොවෙන්න වැඩ කටයුතු කරන බවක් අපට පෙනෙන්නට නැහැ.
ත්‍රස්තවාදය නිමා කරපු රට අද අන්තවාදයේ ග්‍රහණයට ලක්වෙලා. ආණ්ඩුවේ බොරු සහජීවනය රට විනාශයට ඇද දැමුවා. මේ මුස්ලිම් අන්තවාදීන් පසුපස්සේ ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන් බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. රිෂාඩ්ලා, මුජිබර්ලා, අසාද් සාලිලා සහ රතු අලි පැටව් තමයි අන්තවාදීන්ගේ හොඳම මිතුරන් වෙලා තියෙන්නේ.
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය නිමා කරපු රට විදියට ගෞරවාදරයට පාත්‍රව හිටිය ශ්‍රී ලංකාව දැන් ලෝකයේ ලොකුම විහිලු සපයන රට බවට පත්වෙලා. ආරක්ෂක ලේකම්වරයා ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට හෑල්ලුවට පත් කළා. පොලිස්පතිවරයා කවටයෙක් වෙලා. මේ අය ඉල්ලා අස්වෙනකම් ජනාධිපතිවරයා බලන් ඉන්නවා.
මේ වගේ මිනිස්සුන්ට අස්වෙලා යන්න ඉඩ නොදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි. සිරභාරයට ගත යුතුයි. අපිට මතකයි යාංගල්මෝදර දී දුම්රිය හරස් මාර්ගයේ දී බස් රථයක් අනතුරට ලක් කරපු රියදුරාට මරණ දඬුවම දුන්නා. හැබැයි දහසකට ආසන්න මිනිසුන් සංඛ්‍යාවක් අනතුරේ හෙලපු ආරක්ෂක ලේකම්, පොලිස්පති, අනතුර දැනගෙන ඇඳන් යට හැංගිලා හිටපු ඇමැතිවරුන්ට කිසිම පියවරක් ගන්නේ නැහැ.
ලොකුම විහිලුව බවට පත්වෙලා තියෙන්නේ මේ රටේ අගමැතිවරයයි. අගමැති තොත්ත බබා. ආරක්ෂක කවුන්සලේට එන්න දුන්නේ නැහැලු. මාස ගාණක් තිස්සේ කවුන්සලේට එන්න දුන්නේ නැත්නම් කටවහගෙන හිටියේ කටේ පිට්ටු නිසාද කියලා අපි අහනවා. වගකීමෙන් බේරෙන්න මෝඩ චූන් කතා කියන මේ වගේ අගමැතිවරයෙක් රටකට මොකටද?
අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා හදන්නේ වරද ආණ්ඩුවට පටවන්න. එතුමට අමතක වෙලා මේ ආණ්ඩුවේ නායකයා එතුමා බව. කරන්න බැරි ජනාධිපතිකමක් භාර අරන් රටම අමාරුවේ දැම්මේ සිරිසේන මහත්තයාම තමයි. ඔය ජනාධිපතිකම ළමයකුට දුන්නා නම් ඔයිට වඩා හොඳට කරයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ.
එක්සත් ජාතික පක්ෂය රණවිරුවන් දඩයම් කරන විට නිහඬව හිටපු ජනාධිපතිවරයාට දැන් රණවිරුවන් ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒ වගේම මංගලලා, රාජිතලා වගේ අන්තවාදයට උඩගෙඩි දෙමින් සිංහලයන්ට අපහාස කරන අය ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් ගල් ගස්සවන්න ඕනේ කියන එකයි අපි විශ්වාස කරන්නේ.
මම ජනතාවට ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුවේ මේ අමන තකතීරු වැඩපිළිවෙළ අස්සේ වුණත් ඉතා ඉවසීමෙන් කටයුතු කරපු එක ගැන. අන්තවාදීන්ගේ ක්‍රියාවලින් කුපිත වෙලා අහිංසකයන්ට හිංසා නොකිරීම සම්බන්ධයෙන් අපි ඒ සියලු ජාතීන්ට ගෞරවය පුද කරනවා.
– ප‍්‍රදීප් අනුර කුමාර
COMMENTS