දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලංකන් දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි.
Homeප්‍රවෘත්ති

ශ්‍රීලංකන් දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි.

PropellerAds

ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක ස...

ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා !
අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා - මැදගොඩ හිමි
බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී පසුගියදා පැසසුම් ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පංති අතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම සම්මාන උළෙල මාලදිවයිනට අයත් ගැන් දිවයිනේ අද්දු නඟරයේ පිහිටි Equator Village නිවාඩු නිකේතනයේ දී හි 2017 ඔක්තෝබර් මස 28 වැනිදා පවත්වනු ලැබීය. සමස්ත සංචාරක ක්ෂේත්‍රයම ආවරණය කරමින් එනම් සම්පූර්ණ සේවා සහිත ගුවන් සේවා, පිරිමැසුම් ගුවන් සේවා,හෝටල්,විවිධ ආකාරයේ නිකේතන ,සම්මන්ත්‍රණ පහසුකම්,සංචාරක ඒජන්සි,සංචාර මෙහෙයවන්නන්,ත්‍රාසජනක සංචාරක ක්ෂේත්‍රය, ගුවන් තොටුපළවල් , සුවතා මධ්‍යස්ථාන ,සංචාර තාක්ෂණ සපයන්නන්, ප්‍රවාහන සපයන්නන් සහ ක්ෂේත්‍රයේ CSR ක්‍රියාකාරකම් යනාදිය සඳහා කාණ්ඩ 50 යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ අප ලබා ඇති ගෝලීය සහ කලාපීය සම්මාන අතරට තවත් එක් ගෞරවාන්විත සම්මානයක් එකතුවීම පිළිබඳ ගුවන් සමාගම ඉතා සතුටට පත්ව සිටින බවයි. මෙම සම්මාන අපගේ පාරිභෝගිකයන් විසින් සිදුකල තේරීමක් ලෙස විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සම්මාන තුළින් අප ගුවන් මගීන්ගේ ප්‍රියතම ගමනාන්ත වෙත සිදුකරන මෙහෙයුම් සිට ගෝලීය ගුවන් ගමන් ජාලය පුරාවට සිදුකරන ගුවන් සහ භූමි සේවාවන්, අපගේ අනගි නිෂ්පාදන යනාදිය ඇතුලත්ව සමස්ත ගුණාත්මක බව විදහා දක්වන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට පසුගිය කාලයේ දී සම්මාන රැසක් අත්පත් කරගැනීමට හැකිවිය. ඒවා නම් ඉන්දියානු සාගර කලාපයේ මෙහෙයුම් කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවාව, වසර 2ක් නොකඩවා Future Travel Experience Asia සම්මාන උළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියාවේ සමස්ත විශිෂ්ට සේවා ගුවන් සේවය බවට පත්වීම, චීනයේ Life සතිපතා සඟරාවේ චීනයේ “විශිෂ්ටතම නව්‍ය අලෙවිකරණයක් ඇති ගුවන් සේවය” ලෙස නම් කිරීම, චීනයේ ප්‍රමුඛ සංචාරක සම්මාන (Top Travel ) උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත්වීම, තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේ දී වසර 2ක් නොකඩවා ආසියාවේ විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

ගුවන් සමාගම මීට සති කිහිපයකට ඉහත දී සිය විශිෂ්ටතාවය විදහා දක්වමින් ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) ඉහළ ඇගයුම් (Four Star) ලැබීමට සමත් විය. ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන්නේ APEX ඇගයුම් සම්මාන උළෙලයි.

එම සම්මානය සඳහා නිර්දේශ වූ අනෙකුත් ගුවන් සේවා වන එයාර් ඉන්දියා,ඉන්දියන් එයාර්ලයින්ස්, ඩෘක් එයාර් ( Druk Air) ,හිමාලයා එයාර්ලයින්ස්,නේපාල් එයාර්ලයින්ස් අභිබවා යමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමට දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවාව ලෙස පිදුම් ලැබීමට හැකිවිය.

මෙම සම්මාන උළෙලේ විශිෂ්ටතම ගුවන් මැදිරි ආසන පංතිය සඳහා වූ කාණ්ඩය සඳහා පළමු පංතිය, ව්‍යාපාර පංතිය, සහ පිරිමැසුම් පංතිය යනාදි පහසුකම් ඇගයීමට භාජනය වූ අතර ඒ සඳහා එයාර් ඒෂියා,එයාර් ඉන්දියා සහ ජෙට් එයාර්වේස් තරඟකාරි ලෙස නිර්දේශ වූ ගුවන් සමාගම් වේ.

ශ්‍රී ලංකාවේ සම්මානලාභී ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත 106 දක්වා සිය ගුවන් ගමන් සිදුකරනු ලබයි. නවීන ගුවන් යානාවන් හි සුවපහසු ආසන,නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රීලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ.

2016 වසරේ දී ප්‍රථම දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ලබන වසරේ දී මෙම සංචාරක සම්මාන උළෙල ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත වේ. දකුණු ආසියාව පුරාවට ව්‍යාපාර මණ්ඩල සහ සංචාරක මණ්ඩල මෙම සම්මාන සඳහා අනුමැතිය ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ එක්සත් වාණිජ මණ්ඩල වන සිලෝන් වාණිජ මණ්ඩලය, (Ceylon Chamber of Commerce) මාලදිවයින අලෙවි සහ මහජන සබඳතා සංස්ථාව (Maldives Marketing & PR Corporation), සංචාරක නියෝජිත සහ සංචාර මෙහෙයවන්නන්ගේ මාලදිවයින සංගමය( Maldives Association of Travel Agents & Tour Operators), හවුල් සංචාර මෙහෙයවන්නන්ගේ ඒකාබද්ධ වූ සමූහය (ඉන්දියාව) ( Confederation of Associated Tour Operators (India), ඉන්දියාවේ සංචාරක කර්මාන්ත වෘත්තිකයන්ගේ සංගමය (Association of Professionals in Tourism India), කේරල හෝටල් සාමාන්‍යාධිකරුවන්ගේ සමාජය (Kerala Hotel General Managers Club) සහ නේපාල සංචාර කර්මාන්ත මණ්ඩලය (Nepal Tourism Board) මීට ඇතුලත් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලංකන් දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි.
ශ්‍රීලංකන් දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි.
http://ift.tt/2znQYXw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_519.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_519.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy