ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක් ලැබී ඇති බවත් ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහත...
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක් ලැබී ඇති බවත් ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ඇමරිකාවේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන ඉතා බලගතු බුද්ධිමණ්ඩලය පර්යේෂණ වාර්තාවක් ශ්‍රි ලංකාව ගැන නිකුත් කරනවා 2019 මාර්තු මාසයේ. මේ වාර්තාවේ වැදගත් කම තේරුම් ගන්න නම් මෙම ආයතනය කුමක්ද කියන එක ගැන අපි නිවැරදිව තේරුම් ගන්න ඕනෑ. හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන්නේ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමට වඩාත් බලපාන බලගතු බුද්ධි මණ්ඩලයක්. නැතිනම් තින්ක් ටෑන්ක් එකක්. රොනල්ඩ් රේගන් ජනාධිපති කාලයේ මේ ආයතනය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට වඩාත්ම බලපෑම් කළ හැකි ආයතනය. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලය සකස් කළ Global Think Tank Index අනුව හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආණ්ඩුවට බලපෑම් කිරීම අතින් ලොව 12 වන ස්ථානයේත් ඇමෙරිකාවේ පස්වන ස්ථානයේත් ඉන්නවා. හෙරිටේජ් ෆවුන්ඩේෂන් හි ජෙෆ් ස්මිත් 2019 මාරතු 14 දින Sri Lanka : A Test Case for the Free and Open Indo – Pacific Strategy නමින් පර්යේෂණ වාරතාවක් නිකුත් කරනවා. ලංකාවේ උපාය මාරගික වැදගත්කමත් 2015 නව ආණ්ඩුව බලයට පැමිණීමේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ලැබූ ජයග්‍රහණත් ඒ වාරතාවේ අඩංගු වෙනවා. ඒ වාරතාවේ 14 පිටුවේ මෙහෙම සඳහන් වෙනවා. රාජපක්ෂ සංධානය යළි බලයට එනවා. අවංකවම ඒ අය ලංකාවේ හරිම ජනප්‍රියයි. ඇමෙරිකාව එක්තරා සීමාවකට ලංකාවේ ජනමතයට ගරු කරන්න සූදානම් විය යුතුයි. ඇමෙරිකාව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා ද? ජනතාවගේ මතයට ගරු කරනවා ද? ඔව්. නමුත් එක්තරා සීමාවකට විතරයි. ඒ සීමාව තීරණය කරන්නේ ඇමෙරිකාවම තමයි. ජනාධිපතිවරණයක් කට ලඟ තබා ගෙන බලගතු ඇමෙරිකානු බුද්ධි මණ්ඩලයක් කියන කතාව සුළුවෙන් තකන්න එපා. ලංකාවේ ජනමතය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ ඇමෙරිකාව කැමති සීමාව දක්වා විතරයි. ඇමෙරිකාව කැමැති සීමාව කියන්නේ ඇමෙරිකාවට වාසි සීමාව. ඊට පස්සේ ලංකාවේ ජනමතය චප්ප කරලා ඇමෙරිකාවේ මතය ක්‍රියාත්මක කළ යුතුයි කියන එක නේද? ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනමතයට ගරු නොකිරීමට ඇමරිකාණු ආණ්ඩුවට ඒ රටේ බුද්ධි මණ්ඩලයක් උපදෙස් දෙනාවා කියන්නේ ඉදිරි ජනපතිවරණයට දැවැන්ත අවදානමක් තිබෙනවා කියන එකයි."
"ඇමෙරිකාවට නීත්‍යානුකූලවම ලංකාවට බලපෑම් කරන්න හැකියාවක් තිබෙනවා. ලංකාවේ අපනයන වලින් 26% ගන්නේ ඇමෙරිකාව. තවත් 29% ගන්නේ ඇමෙරිකාවේ හිතවතා යුරෝපීය සංගමය. ඒ කියන්නේ ලංකාවේ අපනයන වලින් 55%ක් පාලනය කරන්න ඇමෙරිකාවට පුළුවන්. මේක අපේ රටට දැවැන්ත අවදානමක්. ලංකාවේ භාණ්ඩ මත අධික බදු පැනවුවහොත් ලංකාවෙන් භාණ්ඩ මිළ දී ගැනීම තහනම් කළොත් ලංකාවේ ආරථිකය කඩා වැටෙනවා. ඇමෙරිකානු තර්ජන ඇතත් නැතත් රටක් සිය අපනයන ආදායම උපයා ගන්න රටවල් කිහිපයක් මත රැඳීම ජාතික ආරථිකයේ ස්ථායීභාවයට බාධාවක්. 1977 දී එජාප ආණ්ඩුව බලය එන විට මෙවැනි අපනයන රැඳියාවක් තිබුණා. අපනයන ආදායමෙන් 80%ක් උපයා ගත්තේ තේ රබර් සහ පොල් විකිණීමෙන්. මේ භාණ්ඩ තුනේ මිළ ඉහළ පහල යන විධියට රටේ ආරථිකයත් ඉහළ පහල ගියා. වෙළඳ විෂය භාර වුණේ ලලිත් ඇතුලත්මුදලි කියන දූරර්දශි ඇමතිතුමාට. එතුමා අපනයන භාණ්ඩ විවිධාංගිකරණ වැඩපිලිවෙලක් හැදුවා. ඒ අනුව අපනයන ගම්මාන, අපනයන සැකසුම් කලාප, අපනයන මහජන සමාගම් වැනි නව විසඳුම් හරහා අපනයන ආදායම තේ රබර් පොල් මත තිබුණු රැඳියාව නැති කළා. අද අපි මුහුණ දෙන අභියෝගය ජය ගැනීමට නම් අපනයන වෙළඳපොල විවිධාංගීකරණ වැඩපිලිවෙලක් ඕනෑ. ඒ කියන්නේ නව වෙළඳපොලවල් සොයා ගෙන ඇමෙරිකාව මත තිබෙන රැඳියාව අඩු කරන්න ඕනෑ. ඒ සඳහා නව වෙළඳපොල සොයා යන අපනයනකරුවන්ට දිරි ගැන්වීම් ලබා දෙන්න ඕනෑ. එවැනි වැඩපිලිවෙලකට නොගියොත් පැනමාව වුණු දේ තමයි අපටත් වෙන්නේ. පැනමාවේ වගේ ලංකාවේ ඊ ළඟ ජනාධිපති තීරණය කරන්න ඇමෙරිකාවට භාර දීලා අපට බකන් නිලාගෙන ඉන්න වෙන්නේ. ඒ නිසා පැනමාවන වුනු දේ ලංකාවට නොවීමට නම් වහාම අපි අපනයන වෙලද පොල විවිධාංගීකරණ වැඩපිලිවෙලකට යා යුතුයි. ඇමරිකාවෙන් ලැබිල තියෙන මේ රතු එළිය වහාම තේරුම් අරගෙන ඇමරිකාව මත අපේ ආර්ථිකයට ඇති රිදියාව අඩු කිරීමට කුමණ පක්ෂයක් බලයට පැමිණියද එම ආණ්ඩු කටයුතු කල යුතුයි කියලා අපි විශ්වාසකරනවා" යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
COMMENTS