මා කඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද (18) ලබාදීමට නියමිතව ඇතැයි ඩුබ...
මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද (18) ලබාදීමට නියමිතව ඇතැයි ඩුබායි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිය ජීවිතයට තර්ජනයක් ඇති බවත්, ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බවත්, තමන් ශ්‍රී ලංකාව වෙත පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් ඉන්දීය නීතිඥයන් පිරිසක් හරහා මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ මීට සති කීපයකට පෙරය.
එම ඉල්ලීමට අනුව ඩුබායි අධිකරණයේ තීන්දුව අද දහවල් ලබාදීමට නියමිතව තිබේ.
ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතරින් 21 දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර තවත් හත් දෙනකු මේ වනතුරු ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටිති.
ඒ අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරාද සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මේ අතර, මධූෂ් හා සම්බන්ධ නඩු විභාගය තවදුරටත් ඩුබායිහි සිදුවෙමින් පවතින බවත්, එය නිමාවීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් මේ වනවිටත් ඩුබායි බලධාරීන් ශ්‍රී ලංකා තානාපති අංශ දැනුම්වත් කර ඇති බවද පැවසේ.
කෙසේවෙතත් මධූෂ් සම්බන්ධ කාරණාවේදී ශ්‍රී ලංකාවේ නීති අංශවලට හා ආරක්ෂක අංශවලට ඍජු මැදිහත්වීමක් කිරීමට ඩුබායි පොලීසිය මෙතෙක් අවසර දී නොමැති බවද වාර්තා වේ.

COMMENTS