ගා ල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම නගරයේ පිහිටි වසර 100කට වඩා පැරණි බුදු පිළිමයකට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් දැඩි ලෙස හානි සිදුකර...
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම නගරයේ පිහිටි වසර 100කට වඩා පැරණි බුදු පිළිමයකට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් දැඩි ලෙස හානි සිදුකර ඇතැයි දිනපතා පුවත්පත් වාර්තා කර තිබේ. ප්‍රමාණයෙන් අඩි දෙකක් පමණ වන මෙම බුදු පිළිමය පැවති බුදු මැඳුර එම මාර්ගයේ ගමන් කරන බොහෝ පිරිසක් දිනපතා වන්දනාමානයට ලක්‌වන ස්‌ථානයක් ලෙසද එම වාර්තාවන්ගේ දැක්වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිගම පොලීසිය පවසන්නේ දෙපාර්ශවයක් අතර ඇති ගැටුමක් නිසා හෝ ප්‍රදේශයේ සාමය බිඳ දැමීමේ අරමුණින් මෙම බුදු පිළිමයට හානි සිදු කර ඇතැයි සැක කරන බවයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් මෙවනවිට කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් අපරාධයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

COMMENTS