දෙහිවල සත්වෝද්‍යානයේ උද්‍යාන අංශයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ හදිසියේ තහනම් කර තිබෙනවා. ඒ සත්වෝද්‍යානයේ සිටි තාරකා ඉබ්බෙකු සොරකම් කිරීමට උත...
දෙහිවල සත්වෝද්‍යානයේ උද්‍යාන අංශයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ හදිසියේ තහනම් කර තිබෙනවා. ඒ සත්වෝද්‍යානයේ සිටි තාරකා ඉබ්බෙකු සොරකම් කිරීමට උත්සහ දැරූ උත්සහයක් හේතුවෙන්.
ඔවුන් විසින් සත්ත්වෝද්‍යානයේ සිටි තාරක ඉබ්බෙකු සොරකම් කිරීමට උත්සහ දරා ඇති අතර සත්ත්වෝද්‍යානයේ ආරක්ෂක අංශ විසින් එය වළක්වා තිබෙනවා. ඒ අනුව අදාළ තාරක ඉබ්බා මේවනවිට ආරක්ෂිතව සත්ත්වෝද්‍යාන තුළ සිටින බව ද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිං පැවසුවා.
මේ අතර පින්නවල සත්ත්වෝද්‍යානයේ සිටි ඉත්තෑවෙකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වුණා. සත්ත්වෝද්‍යානයේ සේවකයින් විසින් එම ඉත්තෑවා මරා දමා ඇති බවයි වාර්තා වුණේ.
COMMENTS