ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටවනු ඇතැයි අපේක්ෂා කරන බව යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ...
ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටවනු ඇතැයි අපේක්ෂා කරන බව යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය මත්කුඩු ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකුලව වසර 43 කට පසු ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෑතකදී කටයුතු යොදමින් සිටින බවයි.
ශීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතළ ගැටලුවක් බවත් මත්කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව පිළිගන්නා අතරම මරණ දඬුවම ඒ සඳහා ඇති ඵලදායි ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.
මත් උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තමන්ට ඇති අත්දැකීම් බෙදාගැනීමට තමන් සූදානම් බව ද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඔවුන් අවධාරණය කර සිටින්නේ මරණ දඬුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානුව අභිමානය නොසලකා හරින දඬුවමක් බවයි.
COMMENTS