දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාලගුණික විපර්යාස සෞඛ්‍යයට ගැටලුවක් - සුව ඇමැති කියයි
Homeප්‍රවෘත්ති

කාලගුණික විපර්යාස සෞඛ්‍යයට ගැටලුවක් - සුව ඇමැති කියයි

PropellerAds

  මාලදිවයිනේ දී පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල 70 සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. තව...

ජනපති, ජවිපෙ ප්‍රබලයෙකු එක්ක සාකච්ඡාවක! දෙන්නම දැන් ඉන්නේ එකම මතකයකලු
කෝටි 3,4 වාහනවලට ලක්‍ෂයක තෙල් ගහනවනම් විදුලි බිල ගෙවන්න බැරි ඇයි - අමරපුර ලේඛකාධිකාරී හිමිගෙන් ව්‍යාපාරික භික්‍ෂූන්ට ප‍්‍රහාරයක් (VIDEO)
පන්සලට පල්ලියට කෝවිලට තරු පේන කංචනගේ ලයිට් බිල් කෙරුවාව…
කාලගුණික විපර්යාස සෞඛ්‍යයට ගැටලුවක් - සුව ඇමැති කියයි

 

මාලදිවයිනේ දී පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල 70 සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ප්‍රකාශ කළේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන බවයි. පෝලියෝ රෝගය තුරන් කිරිම, මාතෘ මරණ අවම කර ගැනීමට හැකිවීම, බෝනොවන රෝග අවම කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඒ අතර ප්‍රධාන ජයග්‍රහණ බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

'එම ජයග්‍රහණ සඳහා දේශපාලන නායකත්වය මෙන්ම තාක්ෂණික විශේෂඥයින්ගේ දායකත්වය ද ඉතාම වැදගත්. තමන් 69 වන සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට විශාල පිරිසක් සහයෝගය ලබාදුන්නා. තව ද ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් ඉදිරියට පැමිණෙමින් සිටින අතර, මැලේරියා රෝගය තුරන් කිරීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුනු සහතිකය ඉතා වැදගත්. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදීම සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම ශ්‍රී ලාංකික ජනතාව ලැබූ සෞඛ්‍ය ජයග්‍රහණ බව මම පෙන්වාදීමට කැමැතියි. ශ්‍රී ලංකාව මුහුණ දුන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල සහයෝගයක් ලබාදුන්නා. කළාපයේ සහයෝගීතාවය තුලින් විශ්වීය සෞඛ්‍ය සහ තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා.'

මේ අතර මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තවත් වැඩසටහන් රැසකට එක්විය. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමේ හමුව ඉන් ප්‍රධාන වෙනවා. එහිදී කළාපීය වශයෙන් සෞඛ්‍ය බලධාරීන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා දක්වන දායකත්වය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාව අතින් ගත් විට මාතෘ හා ළදරු සෞඛ්‍ය, බෝවන රෝග සහ ප්‍රතිශක්තීකරණ වැඩසටහන ඉන් ප්‍රධාන වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මැලේරියාවෙන් නිදහස් රටක් බවට පත්ව ඇති ශ්‍රි ලංකාව එම තත්ත්වය ඉදිරියටම පවත්වාගෙන යාම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග ද මෙහිදී පැහැදිලි කළේය. වසර 2020 වනවිට ජලභීතිකා රෝගය තුරන් කිරිම, මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනයවීම වැළැක්වීම ඇතුලු තවත් රෝග කිහිපයක් තුරන් කිරිම කෙරෙහි ලක් රජය අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

දකුණූ සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුලුවේ දී කලාපයේ සෙංගමාල රෝගය තුරන් කිරීම සදහා මිතුරු තානාපතිවරයෙකු ලෙස ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් මහතා පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකාව තුල සියයට 2 කට අඩු ප්‍රතිශතයක සෙංගමාල වෛරසය ව්‍යාප්තව පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මාත්‍රා 3 කින් සමන්විත වන සෙංගමාලය බී සදහා වන ප්‍රතිශක්තීකරණ වැඩපිළීවෙලට විද්වත් අදහස් මත උපතේ දී ලබාදෙන මාත්‍රාව ද ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල රුධිර සාම්පලවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තර කර ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෙංගමාලය බී පරික්ෂා කිරිම සදහා දිවයින පුරා රුධීර පරීක්ෂණාගාර ස්ථාපිත කර ඇති බව ද සදහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාලගුණික විපර්යාස සෞඛ්‍යයට ගැටලුවක් - සුව ඇමැති කියයි
කාලගුණික විපර්යාස සෞඛ්‍යයට ගැටලුවක් - සුව ඇමැති කියයි
http://ift.tt/2xdP36o
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_401.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_401.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy