දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරට දැඩි පෑවිල්ලෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් විපතට
Homeප්‍රවෘත්ති

උතුරට දැඩි පෑවිල්ලෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් විපතට

PropellerAds

උතුරු පලාතට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් උතුරු පලාතේ පවුල් 28,950 කට අයත් පුද්ගලයින් 99,191 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපද...

විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!
ඊයේ දවල් පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි
කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි
උතුරට දැඩි පෑවිල්ලෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් විපතට

උතුරු පලාතට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් උතුරු පලාතේ පවුල් 28,950 කට අයත් පුද්ගලයින් 99,191 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කලමනාකරන ඒකකයේ තත්ව වාර්ථා අනුව පෙන්වා දෙයි.

උතුරේ පෑවිල්ල හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කයෙනි.

මන්නාරම නානාට්ටාන්හි පවුල් 2310 කට අයත් පුද්ගලයින් 7649 දෙනෙකුද, මුසලි ප්‍රදේශයේ පවුල් 2722කට අයත් පුද්ගලයින් 14,627 දෙනෙකුද , මාන්තෙයි බටහිර පවුල් 5808 කට අයත් පුද්ගලයින් 20,738ක්ද මන්නාරම් නගරයේ පවුල් 2045 කට අයත් පුද්ගලයින් 6460ක්ද මඩු ප්‍රදේශයේ පවුල් 1289 කට අයත් පුද්ගලයින් 4095 ක් වශයෙන් මන්නාරමේ මුලු පවුල් 15,174 කට අයත් පුද්ගලයින් 53,569 දෙනෙකු විපතට පත්ව ඇත.

මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන ඩෙල්ෆ් දූපතේ පවුල් 1031 කට අයත් පුද්ගලයින් 3071ක්ද , වේලනයි පවුල් 2798 කට අයත් පුද්ගලයින් 9642ක්ද, මරදන්කේනිහි පවුල් 1060 කට අයත් පුද්ගලයින් 4630ක්ද, කයිට්ස් දූපතේ පුද්ගලයින්, 2422 කට අයත් පුද්ගලයින් 7848 ක්ද , කරයිනගර්හි පවුල් 2760 කට අයත් පුද්ගලයින් 8297 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කලමනාකරන මධ්‍යස්ථාන කාර්යාලය පවසයි.

ඊට අමතරව යාපනය උඩුවිල්හි අකුණ සැර වැදීම නිසා පවුල් තුනකට අයත් පුද්ගලියන් 13 දෙනෙකු විපතට පත්ව ඇතිඅතර පුද්ගල මරණ තුනක්ද වාර්ථා වන අතර යාපනය දිස්ත්‍රීක්කයේ මුලු පවුල් 10,074 කට අයත් පුද්ගලයින් 33,501 දෙනෙකු විපතට පත්ව ඇත.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ කණ්ඩාවලෙයිහි පවුල් 65 කට අයත් පුද්ගලයින් 220ක්ද පූනකරී ප්‍රදේශයේ පවුල් 1631 කට අයත් පුද්ගලයින් 5500 ක් වශයෙන් දිස්ත්‍රීක්කයේ මුලු පවුල් 1696 කට අයත් පුද්ගලයින් 5720 ක් විපතට පත්ව ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවුල් 1967 කට අයත් පුද්ගලයින් 6296 දෙනෙකු විපතට පත්ව ඇත.

එමෙන්ම වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 39 කට අයත් පුද්ගලයින් 105 දෙනෙකුද අධික පෑවිල්ල හේතුවෙන් විපතට පත්ව සිටින බවට වව්නියාව ආපදා කලමනාකරන මධ්‍යස්ථාන කාර්යලය පවසයි.  

මේ අනුව විපතට පත් වැසියන් වෙනුවෙන් ප්‍රදේශ භාර ප්‍රාදේශීය ලේකම් කාර්යල හරහා පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවටද ප්‍රදේශ භාර ආපදා කලමනා කරන කාර්යාල නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරට දැඩි පෑවිල්ලෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් විපතට
උතුරට දැඩි පෑවිල්ලෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් විපතට
http://am.lk/media/k2/items/cache/26d3bd552a9a7d9aed0741512c7033a2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_249.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_249.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy