දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි
Homeප්‍රවෘත්ති

කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි

PropellerAds

කොවිඩ් ආසාදිතයින් මධ්‍යම රාත්‍රියේ පවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ එළිමහනේ රැඳී සිටිමින් දැඩි පීඩාවට පත්ව සිටි ආකාරය පිළිබඳව රටට හෙළි කළ මාධ්‍යව...

ජනපති නියෝගයෙන් ෆේස්බුක් තහනම ඉවතට
අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
ඇලෝසියස් - පලිසේනගේ දුරකථන ඇමතුම් වාර්තා ලබා දෙන ලෙස දුරකථන සමාගම්වලට නියෝගයක්
කොවිඩ් ආසාදිතයින් මධ්‍යම රාත්‍රියේ පවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ එළිමහනේ රැඳී සිටිමින් දැඩි පීඩාවට පත්ව සිටි ආකාරය පිළිබඳව රටට හෙළි කළ මාධ්‍යවේදිනි තිලක්ෂණී මධුවන්තිගේ පියා කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයගේ එම අනාවරණය, කළුබෝවිල රෝහලේ තත්ත්වය බලධාරීන්ගේ අවධානයට යොමු කරවීමට සමත්විය.

තමන් මෙන්ම තම මවත් කොවිඩ් ආසාදිතව සිටියදී පියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තිලක්ෂණී දින 5කට පෙර මෙලෙස සටහනක් තබා තිබුණි.

– උපුටා ගැනීම – 

“තාත්තා, ⁣ඔක්සිජන් සිලින්ඩරයකට ජීවිතය භාර දීලා අදට දින 11 ක්. ⁣කොවිඩ් නිවුමෝනියාව, මේ වෙද්දි තාත්තගෙ හැම ශක්තියක්ම උදුරගෙන. උසට සරිලන මහත සිරුරක් හිමි ඒ ශක්තිවන්ත මිනිසාට හුස්ම දෙන්නෙ යන්ත්‍රයක්. දියර වර්ග පමණක් ලබාගන්නා ඔහු, සති දෙකකින් කිසිදු ආහාරයක් ලබාගෙන නැහැ. අපේ බඩගිනි නිවපු තාත්තට කොයිතරම් ලොකු බඩගින්නක් දැනෙනවා ඇද්ද? සති දෙකක් නොකා ඉන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. වචනයකට දෙකකට වඩා කතා කරන්න බැරිව, පුතේ මට මහන්සියි කියලා ෆෝන් එක තියද්දි පපුව පිච්චිලා යනවා. ඔක්සිජන් මට්ටම දවසට තුන් හතර වතාවක් වේගයෙන් අඩු වෙද්දි පපුව ගැහෙනවා. දින 11 ක් දීලත් තවමත් ඔක්සිජන් මට්ටම සාමාන්‍ය මට්ටමට ඇවිත් නැහැ. කටේ තුවාල දාලා. උගුර ඉදිමිලා. දියර වර්ගයක්වත් පානය කරන්න බැරි තරමට උගුරේ වේදනාව. අනේ මගේ අහිංසක තාත්තා කොයි තරම් වේදනාවක් විදිනවද? අම්මාටත් මටත් කොරෝනා වෛරසය වැළඳී ඇති නිසා මේ ගෙවමින් සිටින්නෙ ජීවිතයේ දුෂ්කරම කාලයක්. මේ, සටහන ලිව්වෙ මගේ තාත්තට ඉක්මනින් සාමාන්‍ය විදිහට හුස්ම ගන්න ඔබේ ආශිර්වාදය අවශ්‍ය නිසයි. ජේ ඒ ඩී ධර්මදාස නමැති මගේ තාත්තාට ඉක්මන් සුවය පතා, ඔබ අදහන ආගමට අනූව ආශිර්වාදය ලබාදෙන්න. මා කළ පිනක් වේ නම්, ඒ පිං බලෙන් තාත්තාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා !!!.”

– උපුටා ගැනීම අවසන් –


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි
කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj37ydccHpz_uqy5tnGjT-moThCdJQqboxRX7gDLHr9wBQBmQA7qnTFiItLQXhx4IlBML91p49YhC2VmwkWDZj1oGthL3FzppJxJmk_egdxpcqmS10vzLXDm6ABJrwdkkg9qOBUDN8rZ2pm/s320/thilakshani-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj37ydccHpz_uqy5tnGjT-moThCdJQqboxRX7gDLHr9wBQBmQA7qnTFiItLQXhx4IlBML91p49YhC2VmwkWDZj1oGthL3FzppJxJmk_egdxpcqmS10vzLXDm6ABJrwdkkg9qOBUDN8rZ2pm/s72-c/thilakshani-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_841.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_841.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy