දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!
Homeප්‍රවෘත්ති

විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!

PropellerAds

කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධ...

බිල වැඩිවෙන්නේ ලයිට් දැම්මොත්නේ.. එනිසා ලයිට් නිවාගෙන ඉන්න… පොහොට්ටුවෙන් විදුලිබිල අඩු කරන හැටි කියා දෙයි
සමනල වැවේ කාන්දුවෙන් එන ජලයෙන් ලොක්කෙකුගේ පුද්ගලික බලාගාරයක්.. සිදුර නොවසන්නේ ඒනිසා..
ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය තියනවා! ඊට පස්සෙ මහමැතිවරණයත් තියනවා! රනිල් එජාප විශේෂ සම්මේලනයේදී කියයි!
කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ කථිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇති බවත්, එය 20 වන සංශෝධනය හරහා සිදුව ඇති අහිතකර ප්‍රතිපලයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ සමුළුව “අධිකරණ ස්වාධිනත්වයට” අත පොවන  20 හි දුර්විපාකයක් ද?

කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ කථිකාවතක් මේ වන විට නිර්මාණය වී පවතී.

◼️ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත ආයතනයක් වන නමුත් එහි ස්වාධීනත්වයට හානි ගෙනදෙන ආකාරයේ කරුණු රැසක් පිලිබදව උක්ත රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ. 

◼️අධිකරණ සේවා කොමිෂම් සභාව විසින් විවිධ අධිකරණවල විනිශ්චයකාරවරුන් කැඳවා උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධ අධිකරණ නියෝග ලබා දීම සහ යුක්තිය පසිඳලීම සම්බන්ධ උපදෙස් නිකුත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.

එමෙන්ම, උක්ත සම්මන්ත්‍රණයට සහභාගි වීමට අසමත් වුවහොත් එය උසස්වීම් දීමේද, වැටුප් වර්ධක දීමේදී, විදේශ පුහුණූ සඳහා යැවීමේදී සහ ඉහළ අධිකරණවලට  පත්කිරිමේදී සැළකිල්ලට ගන්නා බව අනතුරු අගවමින් අධිකරණ විනිසුරුවරුන් වෙත බලපෑම් කිරීම ස්වාධීන කොමිෂන් සභාවක ස්වාධීනත්වය පිළිබඳ සැක ඇතිකරවයි.

◼️මෙය එක්තරා ආකාරයක බරපතල අනතුරු හැඟවීමක් වන අතර අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතිය හැසිරවීමේ රජයේ හෝ විධායකයේ අවශ්‍යතාවය අනුව මෙම සමුළුව පවත්වා ඇති බවට වාර්තාවේ.

ඉදිරිපත් කරුණු සහ විනිසුරුවරුන්ගේ අභිමතය අනුව පසිඳලිය යුතු යුක්තිය කෙරෙහි මෙවන් අනිසි බලපෑම් තුළින් නිශේධනාත්මක බලපෑමක් ඇතිවීම නොවැළැක්විය හැකි වේ.

◼️ 20 සංශෝධනයේ දුර්විපාක ලෙස නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවීම් පිළිබඳව මහජනතාව තුළ තිබූ සැකය මෙවන් අනිසි බලපෑම් මගින් තවදුරටත් වර්ධනය වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, මහාධිකරණ විනිශ්චයකාරවරුන් ස්ථාන මාරු කිරීමේ බලය, අධිකරණ නිලධරයන් පත්කිරීමේ, උසස්කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, සේවයෙන් පහකිරීමේ හා විනය පාලන බලය පනවනු ලැබ ඇති අධිකරණ සේවා කොමිෂම් සභාවට අධිකරණවල යුක්තිය පසිදලීම පිළිබඳ නිර්දේශ, නියෝග හෝ උපදෙස් ලබා දීමට කිසිදු බලයක් නොමැති බවද මෙහිලා සදහන් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල හා නීතියේ මූලධර්ම නැති වුවහොත් මෙම ආයතනවල ස්වාධීන බව අවම හෝ අහිමි වන බව අමුතුවෙන් කිවයුතු නැති අතර එය ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ සාධාරණත්වයට එරෙහිව එල්ල වන මරු පහරක් බවද සදහන් කරමු.

◼️යුක්තිය ඉටුකිරීම පමණක් නොව එය ඉටුකරන ක්‍රියාවලිය පැහැදිලි විය යුතු බැවින් මෙවන් බලපෑම් ඉදිරියටත් සිදුවීම වැළැක්වීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා සියළු දේශපාලන පක්ෂ, සමාජ ක්‍රියාකාරීන් සහ පොදු ජනතාව අත්වැල් බැඳගත යුතු බව අවධාරණය කරමු.

අදාල රැස්වීමට කැදවීම් කොට ඇති ලිපියේ අන්තර්ගත කරුණු ප්‍රකාරව ගම්‍ය වන්නේ අන්තනෝමතික ලෙස අධිකරණය වෙත දේශපාලන බලපෑම් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපයයි.

අපක්ෂපාතී අධිකරණය සමග සෙල්ලම් කිරීමට කිසිදු බලවේගයකට අයිතියක් හෝ බලයක් නැති බව අවධාරණය කරමු.
එහි ස්වාධීනත්වය වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට නොවෙමු.

◼️ව්‍යවස්ථාදායකය  විධායකය අධිකරණය යන  ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුණු තුන එකිනෙකට ගරුකිරීම රටක ප්‍රගමනයට අත්‍යවශ්‍යය.එහි සංවරණ සහ තුලනය අත්‍යාවශ්‍ය ය. එයින් එක් කුලුණක හෝ සමබරතාව නොබිදෙන ලෙස කටයුතු කිරීම පැහැර හැරිය නොහැකි වගකීමකි.

අධිකරණයට අත පොවා බලපෑම් කළ කුප්‍රකට ඉතිහාසය අපට අමතක නැති අතර එකී අඳුරු සෙවනැලි නැවත හොල්මන් කිරීමට ඇති සියලු උත්සාහයන් නිෂ්චිතව පරාජය කරමු.

ජනතා පරමාධිපත්‍යය , 
හා අධිකරණයෙ ස්වාධීනත්වය අභියෝගයට ලක්නොවන්නට අපි කැපවන අතර ඒ වෙනුවෙන් නායකත්වය ගැනිමටද කිසිදු විටෙක පසුබට නොවන්නෙමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!
විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipFqxaG18T-6r2-MeaH7QiZy2_M74IfwTL8m19NdpoKmmToeCLa8UUc97E19SbaQV7rzy6kk5eOFqcs_k5B832zZ4Uf812S9TrSaLJUesckUbNSzE9mzA3MCcYwBLdc9S27hl4Uqc3yCeD/s320/SAJITH4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipFqxaG18T-6r2-MeaH7QiZy2_M74IfwTL8m19NdpoKmmToeCLa8UUc97E19SbaQV7rzy6kk5eOFqcs_k5B832zZ4Uf812S9TrSaLJUesckUbNSzE9mzA3MCcYwBLdc9S27hl4Uqc3yCeD/s72-c/SAJITH4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_365.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_365.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy