ජා තික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කෙස...
ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහල් නිවසක රැදී සිටින බවට ලද තොරතුරක් මත ඊයේ මොහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සතුව තිබී එම සංවිධානයට අයත් බවට පැවසෙන දේශන අඩංගු දත්ත ගබඩාවක් ද සොයාගෙන තිබෙනවා.
එමෙන්ම මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඩ්‍රෝන යානා 15 ක් සොයාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම ඩ්‍රෝන් යානා නිවසක ගබඩා කර තිබී ඇති අතර, ඒවා කුමන අරමුණකින් එසේ තබන්නට ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් තුන්දෙනෙකු කාන්තාවන් බවයි.
ඊට අමතරව සැක කටයුතු ලෙස සැරි සැරූ ඩ්‍රෝන් යානයක් තලාතුඔය ප්‍රදේශයෙන් පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කවුරුන් විසින් මෙය ක්‍රියාත්මක කළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර නිට්ටඹුව - කල්එලිය ප්‍රදේශයේදි දුරකථන ඇමතුම් 08ක් එකවර ගත හැකි පරිදි සිම් පත් 08ක් යෙදිය හැකි සන්නිවේදන උපකරණයක් ඇතුලූ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගත් එම උපකරණයෙන් විදෙස් රටවලට ද නොමිලේ ඇමතුම් ලබා ගැනීමට හැකි බවයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම කොළඹ - නුවර මාර්ගයේ තෝලම්ගමුව ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් සැක කටයුතු පාර්සලයේ තිබී ගිනි අවි කිහිපයක් සහ අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ් මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, අත්බෝම්බයක්, ටී - 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 18ක්, විදුලි ඩෙටනේටර් 3ක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් එහි තිබී සොයා ගත් බවයි.
පොලීසියට ලද තොරතුරක් මත අදාළ මෙහෙයුම සිදුකර ඇති අතර, ඉන් අනතුරුවයි මෙම සැක කටයුතු පාර්සලය සොයා ගනු ලැබුවේ.
මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ - නුවර මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වුණා.

COMMENTS