එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා එක්වීමට මෙරට පොලිස් නිලධාරීන් 69 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එම මූලස්ථානය පෙන...
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා එක්වීමට මෙරට පොලිස් නිලධාරීන් 69 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එම මූලස්ථානය පෙන්වා දෙන්නේ, පසුගිය 02 වන දින පැවති තෝරාගැනීමේ විභාගයෙන් මෙම පොලිස් නිලධාරීන් තේරී පත්වී ඇති බවයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් සැරයන්වරුන් ඇතුළු පිරිසක් ඊට සුදුසුකම් ලබා ඇත.
මීට අදාල විභාගය සඳහා පොලිස් නිලධාරින් 250 දෙනෙකු පෙනී සිට ඇති බව සඳහන්ය.
COMMENTS