ර ට තුල පැවති අයහපත් වාතාවරනය හේතුවෙන් උතුරු පලාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයින් 20 කට අධික පිරි...
රට තුල පැවති අයහපත් වාතාවරනය හේතුවෙන් උතුරු පලාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයින් 20 කට අධික පිරිසක් ගෙවී ගිය දින දෙකක කාලය තුලදී අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මේ අතර ඊයේ (27) දින වන්නි යුද හමුදා බුද්ධි අංශ වෙතට ලැබුනු තොරතුරකට අනුව වවුනියාව නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා නගරයේ සියලුම් ස්ථාන හා පුද්ගලයින් සෝදිසි පරික්ෂාවකට ලක් කල අතර එහිදී වව්නියාව නගරයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයින් 10 දෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන වව්නියාව පොලීසිය වෙතට භා දීමට පියවර ගෙන ඇත.
එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදීද සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඉන් 6 දෙනෙකු මුදා හැර ඇති අතර එක් සැකකරුවෙකු රිමාණ්ඩ් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේද යුද හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩි දුර ප්‍රශ්න කිරීම් සඳහා කිලිනොච්චිය පොලීසිය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.
මේ අතර උතුරු පලාතට ඇතුල් වන හා උතුරෙන් පිටවන සියලුම වාහන පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන අතර ඒ සඳහා යුද හමුදාව, නිවාක හමුදාව හා පොලීසිය විසින් ස්ථාන කිහිපයකදී හදීසි සෝදිසි මුර පොළවල් යෙදීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS