දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇනවුම්කළ Fried Rice ප‍්‍රමාදවූවැයි ප‍්‍රාදේශීය සභාපති අවන්හල් හිමිකරුට ගැබිණි බිරිඳට පහරදෙයි
Homeගොසිප්

ඇනවුම්කළ Fried Rice ප‍්‍රමාදවූවැයි ප‍්‍රාදේශීය සභාපති අවන්හල් හිමිකරුට ගැබිණි බිරිඳට පහරදෙයි

PropellerAds

කැකිරාව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු සභාවේ කැබ් රියකින් පැමිණ හබරණ නගරයේ අවන්හලකින් Fried Rice එකක් ඇනවුම්කර එය ලබාදීම ...

මැද පෙරදිගට වෙනම පාස්පොට් 31දා සිට නෑ
ඕස්ට්‍රෙලියා දරුවො ක්‍රිකට් ගහද්දි ලංකාවෙ දරුවො පාර්ලිමේන්තුවේ (සිකුරාදා කාටූන්)
උසස් පෙළ ප්‍රතිඵල හෙට (28) දෙන්න බැරිලු


කැකිරාව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු සභාවේ කැබ් රියකින් පැමිණ හබරණ නගරයේ අවන්හලකින් Fried Rice එකක් ඇනවුම්කර එය ලබාදීම ප‍්‍රමාදවීම නිසා කෝපයට පත්ව එහි හිමිකරුට හා
ඔහුගේ බිරිඳ වන අටමස් ගැබිණි මවකට පරුෂ වචනයෙන් බැනවදිමින් හා පහරදෙමින් අවන්හලේ භාණ්ඩවලට පහරදෙමින් යකා නැටීමේ සිද්ධියක් පිළිබඳව හබරණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 සභාපති ඇතුළු සිව් දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හබරණ පොලිසියට
එහි හිමිකරු වන සම්පත් විජේකුමාර මහතා විසින් පැමිණිලි කර තිබේ.

 ඉකුත් 07 දින පස්වරු 5.00 ට පමණ කැබ් රියෙන් පැමිණ ඇති සභාපතිවරයා වාහනයේ අසුනේ සිටියදීම අවන්හලේ එම අවසථාවේ සිටි වියපත් කෙනෙකුගෙන් කට ගැස්මක් ඇත්දැයි විමසා ඇත. එවැනි දේවල් අලෙවි කිරීමට නොමැති බව පැවසීමෙන් පසු මුදල් නොගෙවා Fried Rice එකක් ඇනවුම් කර ඔවුන් පැමිණි කැබ් රිය පිටත්ව ගොස් තිබේ. එහි හිමිකරු ප‍්‍රසන්න Fried Rice එක පිළියෙළ කර පැය තුනක් පමණ කාලයක් ගිය පසු ඇනවුම් කළ සභාපතිවරයා ඇතුළු පිරිස නොපැමිණීම නිසා වෙනත් අයෙකුට එය අලෙවිකර ඇත.

 රාත‍්‍රී 8.40 ට පමණ අධික ලෙස බීමත්ව පැමිණ ඇති සභාපතිවරයා ඇනවුම් කරන ලද Fried Rice එක ඉල්ලා ඇත. එහිදී ප‍්‍රසන්න මහතා සභාපතිවරයා පැමිණීම ප‍්‍රමාදවීම නිසා එය අලෙවි කළ බවත් කඩිනමින් යළිත්
එකක් පිළියෙළ කරදිය හැකි බව පැවසීමත් සමග සභාපතිවරයා පැමිණි වාහනයෙන් බැස ඇනවුම භාරදුන් වියපත් පුද්ගලයාට පළමුවෙන් බැනවැදී පහරදීමට උත්සාහ දැරීමේදී අවන්හල් හිමිකරුගේ බිරිඳ මැදිහත්ව තිබේ. අටමස් ගැබිණි මවටද දැඩි ලෙස පරුෂ වචනයෙන් බැන වැදී පහරක් එල්ල කිරීමත් සමග අවන්හල් හිමිකරු මැදිහත්වීමෙන් පසු ඔහුටද පරුෂ වචනයෙන් බැන වැදී පහරදී තිබේ,

 පසුව අවන්හල් හිමිකරු විසින් තමාට, බිරිඳට සහ වියපත් මාමාට තම දියණියන් තිදෙනා හා විදේශිකයින් ඉදිරිපිටදී පරුෂ වචනයෙන් බැනවැදී පහරදීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

 මේ පිළිිබඳව හබරණ වැඩ බලන පොලිස් ස්ථානාධිපති කුලතුංග මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම පැමිණිලි කර ඇති බවත් කැකිරාව සභාපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බවත් වෙනත් පිරිසකට විරුද්ධව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසිය.

 දඹුල්ල-සරත් එරමිනිගම්මන
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇනවුම්කළ Fried Rice ප‍්‍රමාදවූවැයි ප‍්‍රාදේශීය සභාපති අවන්හල් හිමිකරුට ගැබිණි බිරිඳට පහරදෙයි
ඇනවුම්කළ Fried Rice ප‍්‍රමාදවූවැයි ප‍්‍රාදේශීය සභාපති අවන්හල් හිමිකරුට ගැබිණි බිරිඳට පහරදෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwqgSuNRLkEFN1XhmEy3SdoRqvUE5Ox5QGHodC3Gr8LgDZJID0ktdWxl6ba1vQgclaFqfl9DLKW_6EFJphE_pm-7_2J_C9HJtkivB4BxCud5XWWQA7XV8ia-H-tgXGS4khyphenhyphenvIJXkWPeD0/s1600/f.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwqgSuNRLkEFN1XhmEy3SdoRqvUE5Ox5QGHodC3Gr8LgDZJID0ktdWxl6ba1vQgclaFqfl9DLKW_6EFJphE_pm-7_2J_C9HJtkivB4BxCud5XWWQA7XV8ia-H-tgXGS4khyphenhyphenvIJXkWPeD0/s72-c/f.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/fried-rice.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/fried-rice.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy