ළමා ඉතුරුම් ගිණුම්වලින් පොළිය මත බදු අයකරන්නේ මාසික පොළී ආදායම රුපියල් 5,000ට වැඩි නම් පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මාස...
ළමා ඉතුරුම් ගිණුම්වලින් පොළිය මත බදු අයකරන්නේ මාසික පොළී ආදායම රුපියල් 5,000ට වැඩි නම් පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මාසික පොළී ආදායම රුපියල් 5,000ක් වීමට නම් අදාළ දරුවාගේ ගිණුමේ රුපියල් ලක්ෂ 12ක්වත් තැන්පතු තිබිය යුතු බව පැවසූ අමාත්‍යවරයා එතරම් මුදලක් ඇති ගිණුමකට පොළිය ලෙස ලබෙන රුපියල් 5,000න් 5%ක් බදු ලෙස අයකර ගැනීමේ වරදක් තමන් නොදකින බවයි ප්‍රකාශ කළේය.
"පොහොසත් බබාලා වේලාසනින්ම පුරුදු වෙන්න ඕනේ ආදායම් බදු ගෙවන්න. මොකද වයසක බබාලා බවට පත්වුණාම තාමත් ඒ අය බදු නොගෙවා ඉන්නේ ඒ නිසා වෙන්න ඇති." යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
උසස් පෙළ ඉහළම ප්‍රතිඵල ලබාගන්නා සිසුන්ට විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීම 2019 අගෝස්තු විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ආරම්භ කරන බව පැවසූ අමාත්‍යවරයා සිසුන් 14 දෙනෙකුට අවස්ථාව ලැබෙන බවත් එක් සිසුවකු සඳහා රුපියල් කෝටි 5ක මුදලක් වැය කෙරෙන බවත් ප්‍රකාශ කළේය.
ඔවුන් අධ්‍යාපන කටයුතු අවසන් කර වසර 3ක් තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවටත් එසේ පැමිණ වසර 10ක්වත් අවම වශයෙන් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතු බවටත් ගිවිසුමක් අත්සන් තබා එම ශිෂ්‍යත්ව පිරිනමන බවයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.
COMMENTS