"එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද, නිවැරදි කළයුතු තැ...
"එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද, නිවැරදි කළයුතු තැන් තිබෙනවාද බලන්න තමයි අපි අද අපි මේ කටයුතු කරන්නේ. ඒ සදහා අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යනවා. අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින, වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි" යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, "සිරිකොත ගමට" කළුතර දිස්ත්‍රික් ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක මහතා,
"මේ ආකාරයෙන් අපි ගෙන්ගෙට ගිහින් ජනතාව සමග සාකච්ඡා කරන්න තීරණය කළේ, ඔවුන්ට තිබෙන ප්‍රශ්න, ගැටළු හදුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමටයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය. ජනතාව සමග තිබෙන බැදියාව. ඒ තුළින් තමයි අපේ පක්ෂය ඉදිරියට යන්නේ"
COMMENTS