මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එවැනි බරපතල රථව...
මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එවැනි බරපතල රථවාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත් කර තිබුණු අතර එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසිනි.
ඒ අනුව මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට පෙරද ප්‍රකාශ කළ බැවින් එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.
COMMENTS