දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ආරක්ෂාවට සිටි පොලීසියේ 2250 ක් ඉවත් කර යළිත් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත යැවේ
Homeප්‍රවෘත්ති

ජනපති ආරක්ෂාවට සිටි පොලීසියේ 2250 ක් ඉවත් කර යළිත් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත යැවේ

PropellerAds

ජ නාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙතෙක්...

රටේ ජනතාව පෝලිම්වල : දේශපාලඥයෙකු ගේ පුතෙක් මිලියන 35කට චිත්‍රයක් මිලට ගනියි
පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායක කියයි... පාර්ලිමේන්තුව ඇතුලේ බල වෙනසක් ගැනත් කියයි
ජාතික ආණ්ඩුවක්..? මහින්ද ඉවතට..? අගමැති රනිල්…?
නාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 1400 ක් එම සේවාවලින් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකු සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 07 දෙනෙකු ද අයත්.

මීට අමතරව ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 850 දෙනෙකු ද එම සේවාවලින් ඉවත් කිරීමටයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත්, එහි සිටි 300 දෙනෙකු තවදුරටත් ජනාධිපති ආරක්ෂක අංශය තුළ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සමස්තයක් ලෙස ගත් කළ මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 2,250 දෙනෙකු එම සේවාවලින් ඉවත් කෙරෙනු ඇති.

මෙම සියලූදෙනා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමට නියමිතයි. මෙමගින් එම පොලිස් ස්ථානවල ඇති පුරප්පාඩු ඇතුළු ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව, මින් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු කරන්නේ යුද හමුදා කමාන්ඩෝ නිලධාරීන් සහ රඳවා ගනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300 දෙනා පමණයි.

කිසියම් ස්ථානයකට ජනාධිපතිවරයා පැමිණීමට පෙර අදාළ ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම ද මින්පසු පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරෙනු ඇති. මීට අමතරව විවිධ ප‍්‍රදේශවල ඇති ජනාධිපති මන්දිරවල දැනට සේවය කරන පොලිස් නිලධාරීන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට අපේක්ෂිතයි.

මේ අතර, ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. ජී. ජයතිලක ද විශ‍්‍රාම යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඔහු පොලිස් සේවයෙන් විශ‍්‍රාමයාමට නියමිතව සිටියේ 2017 වසරේදීයි. මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවන ඔහු පෙරේදා දිනය තෙක් සේවා දිගු ලබාගනිමින් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළා.

මීට අමතරව, ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසම නිර්දේශ කළ සහකාර පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ ද එම තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ආරක්ෂාවට සිටි පොලීසියේ 2250 ක් ඉවත් කර යළිත් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත යැවේ
ජනපති ආරක්ෂාවට සිටි පොලීසියේ 2250 ක් ඉවත් කර යළිත් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත යැවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMcLVTUhJQEoQGpvOBBK4f1CVNPfXu1o07cVwoKL6d5LIliWquZErJ1fLKc_C2b31rYF16-P3YPDX81-36ehxAlhsd1sbFEWqk31CHvxX8RRQQiFlVgJxQVFRA8LnI9yz3fysQKPXOZb1a/s320/0b8e6162ddd2645da77dea910c6ebdc5e6b66951.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMcLVTUhJQEoQGpvOBBK4f1CVNPfXu1o07cVwoKL6d5LIliWquZErJ1fLKc_C2b31rYF16-P3YPDX81-36ehxAlhsd1sbFEWqk31CHvxX8RRQQiFlVgJxQVFRA8LnI9yz3fysQKPXOZb1a/s72-c/0b8e6162ddd2645da77dea910c6ebdc5e6b66951.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/2250.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/2250.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy