මෙහෙම පාවාදීමක් 1815 කන්ද උඩරට ගිවිසුමේවත් සිද්ධවුණේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ...
මෙහෙම පාවාදීමක් 1815 කන්ද උඩරට ගිවිසුමේවත් සිද්ධවුණේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ජූලි මාසේ විසි එක් වෙනිදා පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා තියෙනවයි කියන ලිපිය ගොනුවට ඇවිල්ලා තියෙනවා ගැසට් පත්‍රයක්. පාර්ලිමේන්තුවේ ඒ අංශයෙන් විමසුවාම ඒ අංශය කියනවා ගැසට්පත්‍ර 350 පාර්ලිමේන්තුවට ලැබුණා කියලා. ඒකාබද්ධ විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකුට ලැබිල නෑ. අපිට ලැබුනෙ නැත්තං විපක්ෂනායකතුමාගේ කාර්යාලයට ලැබෙන්න ඕනේ. විපක්ෂයේ සංවිධායක තුමා ඒ කාර්යාලයෙන් ලැබෙන්න ඕනේ. හොඳටම විශ්වාසයි කවුරු කෙසේ වෙතත් විපක්ෂයේ සංවිධායක තුමා මෙවැනි දෙයක් දැනගත්තා නම් වහාම විප්ලවීය වෙනසක් සඳහා රට ඇදගෙන යනවා මේ ගැසට් නිවේදන එතුමාට ලැබුණා නම්. එතුමන්ට ලැබිලා නැහැ. ලැබුණා නම් ඔවුන් රජය එක්ක හිටගෙන තියෙනවා මේ ටික යවන්න. මුල් රහිත අතු රිකිලි, පලතුරු ගස්, සිලිකා වැලි, තිරිවානා වැලි, වළං මැටි, තිලාපියා, මඟුරන්, ආදන්, තල්මසුන්, දළ ඇතුන්, අලින්, සර්පයන්, කෙස්, මුත්‍රාශ, ආමාශ, නාගරික කසල, කුණු කාණු මඩ, එක්සත් ජාතික පක්ෂයට බැරිවෙලාවත් ජාතියේ අවාසනාවට බලයක් ලැබුණොත් සම්පූර්ණ ආණ්ඩුව කරන්න ආකාශ, වන භූමි, තටාක, ගංගා, මහා සමුද්‍ර, ආරක්ෂක කටයුතු ඇතුළු මුළු රටම ගෙඩිය පිටින් විජාතිකයන්ට විකුණන එක සහතික කරල තියනවා මේ ගැසට් නිවේදනයෙන්. එහෙම නැත්නම් ඔවුන් නැහැ කියලා කියන්න ඕනේ.”
“අපි තිලාපියා, ආදා බද්දෙන් නිදහස් කළාට ඒවා රට යවන්න නෙමෙයි නිදහස් කළේ ආදා හුරතල් කරන්න. ලිස්සලා යන නිසා අපනයනය කරන්න හිතාගෙන නෙමෙයි. සමහර චූටි මල්ලි අහනවා මේ තණ්හාව විපක්ෂ නායකකම ඉල්ලනවාද කියලා. රටේ ගෙඩිය පිටින් යනකොට ඒකටත් නිහඩව ඉන්නවා නම් විපක්ෂය විපක්ෂනායකකම ඉල්ලලා, කාර්යාලය ඉල්ලන්නේ නැතුව මොකක්ද කරන්න තියෙන්නේ ජනතාව වෙනුවෙන්. මෙහෙම පාවාදීමක් 1815 කන්ද උඩරට ගිවිසුමේවත් සිද්ධවුණේ නෑ. ලංකාව මුඩුබිමක් කාන්තාරයක් වෙන අතර ඒ කාන්තාරයට වෙන රටවල කුණු ගෙනල්ලා දාන කුණු ගොඩක් බවට ශ්‍රී ලංකාව හෙට දවසේ පරිවර්තනය වෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS