යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන දෙකකදී ප්‍රභල ආවා සාමජිකයින් සිව් දෙනෙකු දින දෙකක් තුලදී අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය කියා සිටියේය. යාපනය...
යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන දෙකකදී ප්‍රභල ආවා සාමජිකයින් සිව් දෙනෙකු දින දෙකක් තුලදී අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
යාපනය පොලිස් විශේෂ කාර්යංශයට ලැබුනු තොරතුරු වලට අනුව පසුගිය 12 වනදා යාපනය කෝපායි උරුම්පිරායි ප්‍රදේශයේදී ප්‍රභල ආවා සාමාජිකයින් දෙදෙනෙකු වන මෝහනදාස් දිනෝෂණ් හා ලංකේෂ්වරන් සමිත්මන් යන අය කඩු දෙකක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර ඊයේ (14) දිනයේදීද කෝපායි නිර්වේලි බටහිර ප්‍රදේශයේදී කනපති සුභාස්කරන් සහ කන්දවේල් නික්ෂණ් යන ප්‍රභල ආවා සාමාජිකයින් දෙදෙනෙකු කඩු දෙකක් සමග අත්අඩංගුවට ගත් බවටද කෝපායි පොලීසිය කියා සිටියේය.
අත්අඩංගුවට ගත් ආවා සාමාජිකයින් පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ පහරදීම් හා මංකොල්ල කෑම් රැසකට සමබන්ධ බවටද තොරතුරු අනාවරනය වී ඇති අතරම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS