ෂැන්ග්රිලා ආයතනය දෙවරක් විවෘත කළ බවත් එක් අවස්ථාවකදී වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කළ බවත් දෙවන අවස්ථාවේදී හිටපු ජ...
ෂැන්ග්රිලා ආයතනය දෙවරක් විවෘත කළ බවත් එක් අවස්ථාවකදී වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කළ බවත් දෙවන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා අතින් විවෘත කළ බව සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඒ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රට බේරගත්ත එක ගැන යුද්දෙට නායකත්වය දුන්න එක ගැන අපේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒක නෑ කියන්නෙ නෑ අපි. නමුත් එහෙම කියලා රටේ දේපළ සින්නක්කර විකුණන්න බැහැ. එදා කැබිනට් එකේ ෂැන්‍ග්‍රිලා එකට යුධ හමුදා මූලස්ථානය විකුණන්න අත උස්සපු කැබිනට් එකේ හිටපු මැති ඇමතිවරුන්ගේ අත් කොරවෙන්න ඕනේ කියලා ජනතාව කියනවා. මොකද මහින්ද මහතා තනියම ගත්ත තීරණයක් නෙමෙයි. ෂැන්‍ග්‍රිලා හෝටලය දෙපාරක් ඕපන් කළා. පළවෙනි දවසේ ඕපන් කළා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ක ජැකලින් ෆර්නැන්ඩස් හින්දි නිළියක් ගෙනල්ලා ඕපන් කළා. ඒක බොරුවක් පහුවදා ඉඩම දුන්නු මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා සැබෑ ඕපනින් එක කළා.”
COMMENTS