අපේ රට ජාත්‍යන්තර මට්ටමේ අපරාධකාරයෝ ඉන්න රටක් බවට මේ ඊයේ පෙරේදා ඉදලා පත් වෙලා තියෙනවා මේවායින් අපි මිදෙන්න ඕනා යැයි අමාත්‍ය තලතා අතුකෝරළ ...
අපේ රට ජාත්‍යන්තර මට්ටමේ අපරාධකාරයෝ ඉන්න රටක් බවට මේ ඊයේ පෙරේදා ඉදලා පත් වෙලා තියෙනවා මේවායින් අපි මිදෙන්න ඕනා යැයි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
ඒ මහත්මිය මෙම අදහස් පළ කළේ ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුව මගින් දියත් කිරීමට නියමිත මත් ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් වු ප්‍රජා විශෝදන ලාභීන් විශෝදනය කිරීමේ ව්‍යාපෘතියේ නැගෙනහිර හා බස්නාහිර පළාත් සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
"නිලධාරියෙක් වේවා කවුරු හරි හොඳ මානසික මට්ටමකින් ජීවත් විය යුතුයි.කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින් ආපස්සට ගිහිල්ලා දැන් ආපහු වැඩ ටික කර ගෙන යනවා .මේ දෙපාර්තමේන්තුවේ 54 දෙනෙක් ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කළා ඒ සඳහා මැයි මාසයේ සිට කටයුතු කරනවා .මෙම දෙපාර්තමේන්තුව සක්‍රිය ආයතනයක් කරන්න මිලියන 64 ක් ලබාදීමට මුදල් ඇමතිතුමා කටයුතු කර තිබෙනවා.අපිට අය වැයෙන් පසුව එම මුදල් ලැබීමට නියමිතයි.විසි දෙදාහකට ආසන්න රැදවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා.ඉන් විශාල සංඛ්‍යාවක් අවුරුදු දෙකකට අඩු දඩුවම් ලබපු අයයි. බන්ධනාගාරයට ගිහිල්ලා ආවහම ඒ පුද්ගලයා සමාජයෙන් කොන් වෙනවා .හිරේ ඉදලා ආවා කියලා සමාජය වෙනස් ආකාරයට බලන තත්වයක් තමයි තියෙන්නේ.මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් දෙස බලන කොට මේක ආර්ථික සමාජ ප්‍රශ්න නිසාම යොමු වෙනවා කියලා කියන්න බැහැ.මොකද හැම දේම තියෙන පවුල්වල අයත් මේකට යොමු වෙලා ඉන්නවා."
"විශේෂයෙන් අපි මේ වසරේ සිට මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව බන්ධනාගාර ගතවන රැදවියන් බන්ධනාගාරවලට යවන්නේ නැතිව එළි මහන් සිර කදවුරු වල පුනරුත්ථාපනය කිරීමේ නව වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා .මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඇතුළට යන අය ඊට පස්සේ එළියට එන්නේ ඊටත් වඩා අපරාධ කාරයෝ වෙලා කියලා මතයක් තියෙනවා.අපි බන්ධනාගාරවල කාන්තා රැදවියන් රදවා සිටින ස්ථානවලට ගිහිල්ලා මත් ද්‍රව්‍ය හේතුවෙන් බන්ධනාගාර ගත වුනු කාන්තාවන් ඉන්නවා ද කවුද ඒ අත් උස්සන්න කිවුහම කිසිම ලැජ්ජාවක් නැතිව කාන්තාවන් අත් උස්සනවා .කියන්නත් ලැජ්ජයි .මේ මත් ද්‍රව්‍ය ප්‍රශ්නය අපේ රටට විතරක් අවේණික වුනු දෙයක් නෙමෙයි.මේක ලෝකයටම මහා ප්‍රශ්නයක් .ඒ දියුණුයි කියන රටවල් පවා මේකට විසදුම් හොයනවා .මේවාට රජයක් හැටියට උත්තර හොයන්න අමාරුයි.නමුත් අපි රජයක් ලෙස මේවා නැති කරන්න අවශ්‍ය සියලු පියවර අර ගෙන තිබෙනවා.අඹේපුස්ස හා වීරවිල යන ප්‍රදේශවල මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අය පුනරුත්ථාපනය කරන්න විශේෂ මධ්‍යස්ථාන ඇති කරන්න මෙවර අය වැයෙන් යෝජනා කර තිබෙනවා.ඒ වගේම කාන්තාවන් සදහා විශේෂ මධ්‍යස්ථානයක් දොම්පේ ප්‍රදේශයේ පිහිටුවන්නත් යෝජනා කරලා තිබෙනවා .අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉදිරියට ගිහිල්ලා අද උපාධිධාරීන් හා විවිධ විදිහට ඉහලට ගිහිල්ලා තිබෙනවා.නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය අපි රටට ණය ගැතියි.අවංකවම අපි රාජකාරී කළාම රටට බරක් නැති ණය නැති කෙනෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්."
COMMENTS