විපක්ෂය විසින් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර පරාජයට පත්කරන බවත් එලෙස අයවැය පරාජය කරනු ලබන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිර...
විපක්ෂය විසින් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර පරාජයට පත්කරන බවත් එලෙස අයවැය පරාජය කරනු ලබන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එලෙස අයවැය පරාජය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යාමට බව ඒ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසිය.
“මේ අයවැය පුරාම තියෙන්නේ ලස්සන වචන. හෝම් ස්විට් හෝම්, රිය ශක්ති රන් අස්වැන්න, මිනි ටැක්සි, දිරි සවිය, සොදුරු පියස, ගොවි නවෝදා, සිටි රයිඩ්, මාධ්‍ය අරුණ. මේවා වචන හරඹයක් විතරයි. ජනතාව මුලා කරන අයවැයක්. මේ විදියට ජනතාව මුලා කරද්දි ජනතාව බලන් ඉන්නේ ඡන්දයක් තියනකල්. රාජ්‍ය සේවකයින්ට ජුලි මාසේ 1 වැනිදා ඉදන් රු. 2500ක් පඩියට එකතු කරනවා. බදු ගහන්නේ මාර්තු 5 වෙනිදා ඉදන්. මහින්ද මහත්තයා ගත්ත ණය පෙන්න තියෙනවා. අධීවේගී මාර්ග, පාරවල්, ස්කෝල විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපල පේන්න තියෙනවා. රාජ්‍ය සේවකයා අධිවේගි මාර්ගයෙන් නගිද්දි රු100ක් ගෙවන්න ඕනේ. දවසට 200 ගානේ දවස් 30ට කීයද. උඩ සාක්කුවට 2500ක්දාලා යට සාක්කුවෙන් 6000ක් ගන්නවා. රාජ්‍ය සේවකයා ණයට බඩු ගන්නේ. රාජ්‍ය සේවකයාගේ පඩිය දවස් 12න් ඉවරයි. මංගල සමරවීරගේ කිරි යෝජනාව 2017දිත් තිබුනා. දැන් කිරිවිදුරැව දෙන්නේ දරුවාගේ පෝෂණ තත්ත්වය නංගවන්න නෙවේ. කිරි සමාගම් පෝෂණය කරන්න. දරුවා මන්ද පෝෂණයටගොදුරු වුනත් මේ ආන්ඩුවට ප්‍රශ්නයක් නැහැ. කිරි පිටි වලින් රෝග 24ක් වැලදෙනවා කියලා අමාත්‍යංශය කියද්දි ඒ ආන්ඩුව දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න හදනවා."
"අපි ආන්ඩුවේ අයවැයට විරුද්ධව අපේ ඡන්දය භාවිතා කරනවා. විරුද්ධයි කියනවා. අලියා ලකුණින් නැතිව වෙනත් ලකුණකින් පාර්ලිමේන්තු ආපු නැත්නම් පිනට ආපු කෙනෙක් අයවැයට අත එසවූවොත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එවන්න එපා. මේ දවස්වල ආන්ඩුව සත්ත්න්ට මිල නියම කරනවා වගේ මන්ත්‍රීවරුන්ට මිල නියම කරනවා. ගෙදර හිටියොත් මෙච්චරයි. මගදි බඩේ අමාරුවක් හැදිලා ගියොත් මෙච්චරයි වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. දෙමළ ජාතික සන්ධානයටත් මේ තරම් ගාණක් දෙනවා ඡන්දය දුන්නොත් කියනවා. ඒකත් ඡන්දෙදි බලාගන්න පුලුවන්. 13 වැනිදා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාපයේ පසුපෙල කට්ටිය බලාගෙන ඉන්නවා. අපි කියනවා පුලුවන් නම් පරාජය කරලා පෙන්වන්න කියලා. වික්‍රමසිංහ මහත්තයා සාමන්‍යයෙන් අනින ටොක්ක වෙනුවට පොල් ටොකු දෙකක් අනලා පැත්තකට වෙලා ඉන්න කිව්වාම අත ඔසවලා ඇවිත් ඊළග දවසේ කියනවා වැරදීමක් වුනා කියයි. අපි අයවැය පරාජය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න නෙවෙයි. ඡන්දයකට යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙත් අගමැති කරන්නේ ඡන්දයකින් විතරයි.“යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
COMMENTS