අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සනත් ජයසූරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ජාත්‍යන්තර තරග තහනම පිළිබඳව ක්‍රීඩා අමාත...
අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සනත් ජයසූරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ජාත්‍යන්තර තරග තහනම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා වඩාත් සංවේදී විය යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා අවධාරණය කරන්නේ සනත් ජයසූරියට එරෙහිව පැනවූ තරග තහනම් ඉවත් කර ගැනීම ඉක්මනින්ම කළ යුතු බවයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“දුරකථනය දුන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් එහෙම දඩ ගහන්න බැහැ. ක්‍රිකට්වලින් අයින් කරන්නත් බැහැ. එහෙම කරනවා නම් ඒක පුදුම නීතියක්. සනත් ජයසූරිය කියන්නේ අපේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක්. මේ රටට විශාල ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩකයෙක්. ඔහු මෙහෙම වැටෙන කොට අපේ ක්‍රිකට් පරිපාලනය කතා කරන්නේ නැහැ. ක්‍රිකට් පරිපාලනය බලන් ඉන්නවා. නමුත් ක්‍රිකට් පරිපාලනය කරන්න ඕන එය නෙමෙයි. සනත් ජයසූරිය වෙනුවෙන් අපේ ක්‍රිකට් පරිපාලනය පෙනී සිටින්න ඕන. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒ ඇයි දන්නවද ? මේවායේ අගමුල සොයන්න ගියොත් මේ ක්‍රිකට් පරිපාලනයේ සිටින ඔක්කොම සූදූකාරයෝ අහු වෙනවා. මං හිතන්නේ සනත් ජයසූරියගේ ප්‍රශ්නය අතට ගැනීමේ වගකීම ක්‍රීඩා ඇමැතිවරයාට තියෙනවා. සනත්ට ඔය විදිහට දඩුවම් කරලා පැත්තකට දැම්ම එකට මම නම් එකග වෙන්නේ නැහැ. ක්‍රිඩා ඇමතිවරයා එකඟ වෙන්න ඕනේත් නැහැ. හැබැයි තරග පාවාදීම් ගැන හොයන්න ඇතුළටම යන්න. එතොකට ඔට්ටු තැබීම් මෙහෙයවන සැබෑ පුද්ගලයෝ සොයා ගන්න පුළුවන්."
මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජීනිවා ප්‍රශ්නය කටේ හයියට විසඳාගත නොහැකි බවයි.
“පහුගිය කාලෙම සමහර දේශපාලනඥයින් වේදිකාවේ නැඟලා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයව, ගෝඨාභය මහත්තයව ජාත්‍යන්තරය විසින් එල්ලුම් ගහට යවනවා කියලා. ඒත් එහෙම කිසි දෙයක් අවුරුදු හතරකට වුණේ නැහැ. ඉදිරියේදී එහෙම වෙන්නෙත් නැහැ. මේවා කියන්නේ බොරු වංචාරකාර දේශපාලනඥයෝ. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ රටේ ජාතිවාදය අවුස්සලා ප්‍රශ්නයක් ඇති කරන්න. ජීනිවා ප්‍රශ්න තියෙනවනම් ඒවා සාකච්ඡාවෙන් විසද ගන්න ඕන. ජීනිවාවල වෙන හැම දේම මම හරි කියලා කියනවා නෙමෙයි. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසදා ගත යුත්තේ බුද්ධිමත් ලෙස හරි තත්ත්වය පහදා දීමෙන්. එහෙම නැතුව ජිනිවාවල එක්ක ගහගෙන, ලෝකෙත් එක්ක ගහගෙන මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අද මහින්ද මහත්තයා කිසිම ප්‍රශ්නයක් නැතිව රට යනවා. ඇමරිකාවෙත් එනවා. අල්ලලා හිරේ දැම්මද ? නැහැ. මේ මහා බොරුවක් කරන්නේ. මේ රටේ ජාති අතර භේද ඇතිකරන එක නවත්තවන්න දැන් හොඳ කාලය ඇවිල්ලා තියෙනවා. එහෙම නායකත්වයක් අපේ රටට අවශ්‍යයි. ඉදිරි දේශපාලන මැතිවරණවලදි මං හිතන්නේ මේ රටේ මහජනතාවත් තේරුම් අරගෙන හරි පුද්ගලයෝ ටිකක් පාර්ලිමේන්තුවට, ජනාධිපතිකමට, අගමැතිකමට යවන්න ඕන. එහෙම නැත්නම් කවදාවත් මේ රට හදන්න බැහැ.”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සියේය.
COMMENTS