දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
Homeප්‍රවෘත්ති

මධුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

PropellerAds

දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ල...

සජිත් පෙන්වූ බොරු කෘතිම බුද්ධියේ තවත් හොර එලිවෙයි
ගෝඨා නොවෙයි දස මහා යෝධයන් ආවත් මෙවර සජිත් පරදවන්න බෑ - මුජිබර් රහුමාන්
ඇල්පිටිය පැරදුනේ ගයන්තගේ වරදින්.. සියළු පවු ගයන්ට පටවයි.. අගමැතිට පැමිණිලි.. එජාප සමාජජාල වලින් ප‍්‍රහාර
මධුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිය.
 
ඒ මධුෂ් නමැත්තාගේ මවගේ සොයුරියක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. ශ්‍රියානි නැමැත්තිය විසිනි.
 
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිවරයා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු නම් කර තිබිණ.
 
පෙත්සම්කාරිය කියා සිටියේ දැනට විදේශගතව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පදනම් විරහිතව කටයුතු කරමින් සිටින බවය.
 
මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට ගැනීමට වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
 
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ SC/ FR 69/19 අංක දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම 27.03.2019 දින ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවක් ඉදිරියේ විභාගයට ගැනුණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන සහ S . තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වූ මේ නඩුවේ, පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර මහතා කරුණු දැක්වූ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කරුණු දැක්වුවේය.
 
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, මාකඳුරේ මදුෂ් ලංකාවේ අධිකරණයක් ඉදිරියේ කිසිඳු නඩුවක වැරදිකරු බවට තීන්දු වී නොමැති බවත්, ඔහු ඩුබායිහි අත්අඩංගුවට පත්ව ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ වරදට බවත් කියා සිටියේය.
 
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලංකාව අතර කිසිඳු උදර්පණ ගිවිසුමක් (extradition treaty) නොමැති බවත් දක්වා සිටි ඒ මහතා, එහෙයින් ලංකා පොලීසිය ඩුබායි වෙත ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය යටතේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා, මාකඳුරේ මදුෂ් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔහුගේ පුංචි අම්මාට නෛතික ස්ථිතියක් (Locus Standi) නොමැති බවත්, ඔහුම හෝ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා එම පෙත්සම් ගොනු කිරීම සිදු කළ යුතු බවත් දක්වා සිටියේය.
 
මීට පිළිතුරු දුන් නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර මහතා නෛතික ස්ථිතිය (Locus Standi) දැඩිව සලකා බැලීමේ රීතිය වර්තමාන අධිකරණ ලිහිල් කර ඇති බවත් මහජන අර්ථ සාධක නඩුකර (Public Interest Litigation) ඉදිරිපත් වන්නේද ඒ ප්‍රතිපත්තිය අනුව බවත් දක්වා සිටියේය.
 
කෙසේ වුවද මේ මූලික විරෝධතාව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, නෛතික ස්ථිතිය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කොට නව පෙත්සමක් ගොනු කරණ මෙන් පෙත්සම්කරුගේ නීතීඥවරයාට උපදෙස් දී පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
මධුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
http://am.lk/media/k2/items/cache/cb76e7bb7ce6ca4babe857184dc0bad5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_688.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_688.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy