දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අප්‍රේල් පළමු සතිය වෙනකොට පාරිභෝගිකයාට සැබෑ පෙරළියක් සිදුකරලා දෙනවා" - රවී
Homeප්‍රවෘත්ති

"අප්‍රේල් පළමු සතිය වෙනකොට පාරිභෝගිකයාට සැබෑ පෙරළියක් සිදුකරලා දෙනවා" - රවී

PropellerAds

"අපට පැවරිලා තිබෙන කාර්යය තමයි, අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, සමස්ත දිවයිනටම අවම මිලකට ගුණාත්මක, අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීම. ත්‍රි...

බඹසර රකින ‘වර්ජින් පිරිමි’
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්තරාත්මක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පනතක් ලෙස පාර්ලිමේන්තුවට.
රාජ්‍ය ඇමැතිවරු ස්වාධීන වීමට යයි.
"අපට පැවරිලා තිබෙන කාර්යය තමයි, අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, සමස්ත දිවයිනටම අවම මිලකට ගුණාත්මක, අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීම. ත්‍රිකුණාමල ප්‍රදේශයේ තිබෙන සම්පත් තුළින් අවම පිරිවැයක් යටතේ විදුලිය උත්පාදනයට සුවිශාල හැකියාවක් තිබෙනවා. නමුත් මෙම කාර්යයන් සිදු කරද්දි අපි අපේ ජනතාවට, පරිසරයට සිදුවන හානි අවම කරගනිමින් කටයුතු  කළ යුතුයි.  ඒ සංවර්ධනය හේතුවෙන් පවුල් 100ක් 200ක් ඔවුන්ගේ ස්ථාන වලින් වෙනත් තැන්වලට තල්ලු කරනවානම් ඒ සංවර්ධනයෙන් වැඩක් නැහැ,. ජනතාවගේ සහයෝගය තුළින් සිදුවෙනවානම් පමණයි ඒක සැබැ සංවර්ධනයක් වෙන්නේ.  අපිට තිබුණා කොළඹ ඉදගෙන අදාළ අංශ වලට උපදෙස් දෙන්න, මෙගාවොට් 1000ක් වැඩි කරන්න කියලා. නමුත් ඒ තුළින් හිත් 1000 ක් රිදුණොත්, නැතිවුණොත්,  ඒ කාර්යය සිදුකළත් ඒක සැබෑ සංවර්ධනයක් වෙන්නේ නැහැ. අපි ඒකට අකමැතියි. ඒත් ඒ වගේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරද්දි, අනිසි බලපෑම් සහ අනිසි ප්‍රයෝජන ගන්න හදනවානම්, අපිටත් සෟජුව, දැඩිව කටයුතු කරන්න වෙනවා. අසාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න අපිට බැහැ. අපි රටේ සමස්ත ජනතාව ගැන හිතන්න ඕන. මට අවශ්‍ය වෙන්නේ වැඩ කරන්න මිසක් නිකන් බලන් ඉන්න නෙමෙයි. මොනවද උනේ කියනවාට වැඩිය, මොනවාද අපිට කරන්න පුළුවන් කියලා බලන්න. ඒ තුළින් රටේ සංවර්ධන පෙරළියක් ඇති කරන්නයි මට අවශ්‍ය වන්නේ" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධ අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
 
ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා නැගෙනහිර පළාත, ලං.ව්.ම. නියෝජණ සාමාන්‍යාධිකාරි කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්ප්‍රක ප්‍රේමදාස මහතාද සහභාගි විය.
 
මෙම නිරික්ෂණ චාරිකාවට  සහභාගි වූ අමාත්‍ය කරුණානායක මහතා මෙසේ අදහස් දැක්විය.

"අද මේ රටේ 99% කට විදුලිය දෙන්න හැකියාව තිබුණට, සියළු දෙනාම එම සේවය ලබාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ විදුලි උත්පාදන වියදම ඒකකයක් රු. 65, රු. 45 වගේ. ඒත් අපි ඒකකයක් විකුණන්නේ රු. 16.00කට. අපි අධික අලාභයකින් තමයි මේ සේවය සපයන්නේ.  මේ අලාභය දිගටම ගෙනියන්නත් බැහැ. එහෙම කියලා විදුලිබිල වැඩි  කරන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. මේකට එකම පිළියම තමයි අවම මිලක් යටතේ විදුලිය උත්පාදන මාර්ග වලට අවතීර්ණ වීමයි.  මෙතනට එද්දිම මම දැක්කේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය. සිංහල, දෙමළ, මුස්ලිම්. බර්ගර්, මැලේ. මේ හැම ජන කොටසක්ම මේක මගේ තැන, මගේ රට කියලා වැඩ කරනවා. ඒක තමයි අද රටට අවශ්‍යම දේ. මේක තමයි රටේ ශක්තිය. ලංකා විදුලිබල මණ්ඩලය ත්‍රීකුණාමලයේ සිට රටට ලොකු දෙයක් කරන්න යනවා.  මේ ප්‍රදේශයේ විදුලි බලාගාර ගණනාවක් ඇති කරලා. මේ ප්‍රදේශයේ ජනතාවට විදුලිය සපයනවා වගේම, රටේ ජාතික පද්ධතියටත් ඒ තුළින් විශාල දායකත්වයක් දෙන්න බාලපොරොත්තු වෙනවා.  ත්‍රිකුණාමලේ සිට හබරණට වගේම හබරණ සිට වේයන්ගොඩට විශාල සම්ප්‍රේෂණ මාර්ග ඇති කරනවා. ඒකෙන් පේනවා කොළඹින් දුර වුවත්, කෙතරම් සේවයක්ද  මේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් විදුලි ක්ෂේත්‍රමය ඉටු කරන්න යන්නේ කියලා."

"රජයේ සේවයේ  සාමාන්‍ය සිරිත තමයි, අද ඉදන් හෙටට  ෆයිල් තල්ලු කරනවා. විදුලිබල මණ්ඩලය තුළින් අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. අපිට යම් ඉල්ලීමක් ආවොත්,  පැය 72 ක් යන්න කලින් ඒකට පිළීතුරක් ලබාදිය යුතුයි.  අප්‍රේල් මාසේ පළමු සතිය වෙනකොට අපි විදුලි පාරිභෝගිකයාට සැබෑ පෙරළියක් සිදුකරලා දෙනවා. අද ලංවිම ඒකාධිකාරියක් තිබෙන නිසා, පාරිභෝගිකයා ආවත් නැතත් කමක් නැහැ කියලා කටයුතු කරනවා. නමුත් පාරිභෝගිකයා තමයි අපේ රජා, පාරිභෝගිකයා නිසා තමයි ලංවිම රදාපවතින්නේ කියලා හිතලා, පාරිභෝගික තෘප්තිමත්භාවය ඇති කිරීම තුළින්  කටයුතු කළ යුතුයි යන මතය රට පුරාම ඇති කරන නව වැඩපිලිවෙලකට අපි අවතීර්ණ වෙනවා. අපි ගන්නා වැටුපට සරිලන කැපවිමක් අපි අපේ සේවයට ලබා දියයුතුයි. නිදහස ලබාගෙන වසර 71 ක් ගෙවුණත් අපි එක තැනක හිරවෙලා.  අපිට රට සංවර්ධන කරන්න බැරි නැහැ. ඕනකමක් නැති කමයි තිබෙන්නේ.  රටේ සංවර්ධනය වෙනුවෙන් ඉඩම් ලබාගන්න ගියාම සමහරු  කියනවා, අනේ මේක සංවර්ධනය වුණාම  කුරුල්ලෝ එහෙමෙහෙ යනවනේ  කියලා. කුරුල්ලෝ ගැන බලන්න කලින් අපි අපේ ජනතාව ගැන සිතිය යුතුයි. ඔුවන් ජීවත් කරවිය යුතුයි. ඒ ක කරන්න විදුලිය සපයන්න ඕන. විදුලි බාලාගර ඇති කරන්න ගියාම කියනවා මෙතන කුඹුරු තියනවනේ කියලා. කුඹුරුත් අත්‍යාවශ්‍යයි තමයි. ඒ වගේම අපි ජනතාව ජීවත් කරවිය යුතුයි. ඒකට විදුලිය අවශ්‍යයි. රටේ සංවර්ධනයට අපි අත දියයුතුයි.  අද අපේ රටේ සංවර්ධන වේගය 4%, 5% ක් වගේ. නමුත් එය 10%, 12% ක් පමණ වියයුතුයි. මේ වගේ ප්‍රදේශ වල එය 20 % ක් වියයුතුයි. බෝඩ් ලෑලි අල්ලලා රටක් සංවර්ධනය කරන්න බැහැ. සාකච්ඡා මාර්ගයෙන් ගැටළු නිරාකරණය කරගෙන සහෝදරත්වයෙන් රට සංවර්ධනය කළ යුතුයි" යැයි පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අප්‍රේල් පළමු සතිය වෙනකොට පාරිභෝගිකයාට සැබෑ පෙරළියක් සිදුකරලා දෙනවා" - රවී
"අප්‍රේල් පළමු සතිය වෙනකොට පාරිභෝගිකයාට සැබෑ පෙරළියක් සිදුකරලා දෙනවා" - රවී
http://am.lk/media/k2/items/cache/39ee9a4842213ed4cd920fa8bacb694f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy