දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේක විපක්ෂය නැතිවෙන අයවැයක්" - රවී
Homeප්‍රවෘත්ති

"මේක විපක්ෂය නැතිවෙන අයවැයක්" - රවී

PropellerAds

"අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ පක්ෂය අනිත් අයවගේ කරන්න බැරි දේවල් කියලා, විපක්ෂයට බැන බැන ඉන්න...

ප‍්‍රංශයේ සැගවී සිට කංජිපානිගෙන් ප‍්‍රකාශයක්... ක්ල්බ් වසන්ත මැරුව හේතුවත් කියයි
විදුලිය සහ ජලය හොරෙන් ගත් බවට චෝදනා ලද ගල්කිස්ස හිටපු දිසා විනිසුරුගේ වැඩ තහනම් වෙයි!
‘වසන්තගේ දේහය එලියට දමනු..’ – ජයරත්න මල් ශාලාවට එතෙරින් තර්ජන... පොලිස් රැකවල් යොදයි

"අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ පක්ෂය අනිත් අයවගේ කරන්න බැරි දේවල් කියලා, විපක්ෂයට බැන බැන ඉන්නේ නැහැ. අපේ අඩුපාඩු තියෙනවානම්, ඒ ගැන පක්ෂය ඇතුලෙ කතා කරලා අපි විසදගන්නවා. අපිට අවශ්‍ය ජනතාවට අදට වඩා හොද හෙට දවසක් උදා කරන්නයි. මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් කියලා මම කියනවා" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස පළකලේ, ඊයේ (06) පෙරවරුවේ කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී  අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මෙසේ අදහස් දැක්විය.

"අප රටේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වන විදුලිය අවම මිලකට නිෂ්පාදනය කරලා, අවම මිලක් යටතේ පාරිභෝගිකයාට ලබාදීලා, සෙතක් සලසන්නයි අපි අවධානය යොමු කරන්නේ. එහෙම නැති වුණාම වෙන්නේ අනපේක්ෂිත නිෂ්පාදන බිදවැටීම් වලදී, හදිසි විදුලිය මිලදීගැනීම් සිදුකර, ඒ සදහා විශාල බිල් ගෙවීමයි.  මෙහිදී අහිංසක පාරිභෝගියන් ගැන හිතන්න වෙන්නේ නැහැ. පාරිභෝගිකයා ගැන හිතලා, නිෂ්පාදකයාට  අභියෝගය යොමුකරලා, ඒ වාසිය පාරිභෝගිකයාට ලබාදෙන ක්‍රියා පිළිවෙළකටයි අපි යොමුවෙලා ඉන්නේ. මොනතරම් අභියෝග ආවත් අපි බය නැතිව ඒ  කටයුතු කරනවා."

අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"සීමිත සම්පත්, අසීමිත ඉල්ලීම් සදහා යොදාගනිමින්  මෙවර අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවට පුළුවන්  උපරිමයෙන් සහන ලබාදෙන්න තමයි අපේක්ෂා කරන්නේ. මීටත් වඩා දෙන්න තිබෙනවානම් හොදයි.ඒ පිළිබදව අවධානය යොමුකරලා, අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ, යමක් කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. අපි ආණ්ඩුවක් වශයෙන් අයවැය ඉදිරිපත් කළේ විශිෂ්ඨ ආකාරයෙන් සම්මත කරගෙන ජනතාවට සහන සලසන්න මිසක්, කාටවත් බයේ කටයුතු කරන්න නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා සටන් කරලා අවසානයේ ජනතාව තමයි දුක් විදින්නේ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් එකගතාවයක් ඇති කරගෙන, එකට වැඩකරන්න පුළුවන් තත්ත්වයක් උදාකරගෙන සෙතක් සලසා ගතයුතුයි. ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ වනවිට එකට වැඩකරගෙන යනවා. කොහේ හෝ මෙහි දුරස්ථ බාවයක් ඇති වෙලා තිබෙනවා. අන්න ඒ දුරස්බව නැති කරගෙන , නිවැරදි ඉදිරි ගමනක් යන්න අපි දැඩි උත්සාහයක යෙදෙනවා" 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේක විපක්ෂය නැතිවෙන අයවැයක්" - රවී
"මේක විපක්ෂය නැතිවෙන අයවැයක්" - රවී
http://am.lk/media/k2/items/cache/e8d0e658e2c000dc78acbc39603404f6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_593.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_593.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy