ඉදිරි අයවැයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු ආණ්ඩුවට සහාය පළ කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ...
ඉදිරි අයවැයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු ආණ්ඩුවට සහාය පළ කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මහතා පැවසුවේ ටොරින්ටන් පෙදෙසේ සිටින නෝනා කෙනෙකු මෙසේ ශ්‍රීලනිප හය දෙනෙකු ආණ්ඩුවට සහාය පළ කිරීමට යොමු කරන බවත් ඊට සාක්ෂි තමන් සතුව ඇති බවත්ය.
එහෙයින් මෙම සහගහන අයවැයට සහාය දී සිය දේශපාලන ජීවිත විනාශ කර නොගන්නා ලෙස ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි කණක හේරත් මහතා ප්‍රකාශ කළේය.
මෙම අයවැය සකස්කර ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර සිහින ලෝකයක මත්වී සිටියදී බැවින් තමන් මෙය "කොකේන් අයවැය" ලෙස නම් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS