කොකේන් පාවිච්චි කරන අය සොයා ගැනීම සඳහා පළමුව තමන්වත් දෙවනුව තොන්ඩමන් මන්ත‍්‍රීවරයාවත් පරීක්ෂා කරන්නැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇම...
කොකේන් පාවිච්චි කරන අය සොයා ගැනීම සඳහා පළමුව තමන්වත් දෙවනුව තොන්ඩමන් මන්ත‍්‍රීවරයාවත් පරීක්ෂා කරන්නැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (16) ප‍්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් මාස හයකට වරක් හෝ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කළ යුතු බවට තමන් කථානායකවරයා වෙත යෝජනා කළේ සද්භාවයෙන් යුතුව බවද මහජන නියෝජිතයන් ලෙස ජනතාව පත්කර එවනුයේ 225 ක නියෝජිතයන් පිරිසක් වන අතර එම පිරිස මුණිවරයන් සේ පරමාදර්ශි පිරිසිදු පුද්ගලයන් විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ ඇතිවූ කළහකාරී සිදුවීම් දකින කවරකුට වුවද ප‍්‍රකෝපකාරි ලෙස හැසිරුණු මැති ඇමැතිවරුන් දුටු විට ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර තිබේදැයි යන සැකය ඇති වන බවත් රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
එමෙන්ම මෙම පරීක්ෂණය සිදුකරන්නේ නම් මුලින්ම තමන් පරීක්ෂාවට ලක්කරන ලෙසත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා පරීක්ෂාවට ලක්කරන ලෙසත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙසේද පැවසීය.
"කොකේන් හා අනෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කිව්වා. එදා මිරිස් කුඩු, පොලූ අරගෙන ගිය විදිය බලද්දී මට සැකයක් ආවා මේ අය පියවි සිහියෙන් ද හිටියේ කියලා. ඒ සැකය නිසයි මේ මන්ත‍්‍රීවරුන් පරීක්ෂා කරන්න කීවේ. මීගමුවේ හිටියා කොකේන්, කුඩු ගේන නියෝජ්‍ය ඇමැතිවරයෙක්. පොලිස් විශේෂ කාර්ය බළකාය පරීක්ෂා කරනවිට ඔබතුමා ගිහින් බේරා ගත්තා කිවුවා. අපේ කෙනෙක් ඉන්නවා. එහා පැත්තේ තිදෙනෙක් ඉන්නවා. ලොකුම එතනෝල්කාරයන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ අරුන්දික ප‍්‍රනාන්දු මේ අයයි. අද ලංකාවේ පාර්ලිමේන්තුවේ අය මේ දෙය පාවිච්චි කරනවා නම් මුලින්ම මාව පරීක්ෂා කරන්න. ඊළඟට තොණ්ඩමන් පරීක්ෂා කරන්න. මම කියූ දේ වැරැුදිලා නැහැ. අපේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ජනතාව පත්කරන්නේ 225 යි. ඒ අය පරමාදර්ශී වෙන්න ඕන. ලංකාවේ පාර්ලිමේන්තුවේ අය ගැන මාස හයෙන් හයට වෛද්‍ය පරීක්ෂණ කරන්න කියා මම කියනවා. මේ පරීක්ෂණයට සද්භාවයෙන් ඉදිරිපත් වෙන්න. බුද්ධික පතිරණ මහතා ඒ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න කියා ඉල්ලනවා."
COMMENTS