දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය තර්ජනී සිවලිංගම් අතින් අද ක්‍රීඩා අයිතියට
Homeගොසිප්

කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය තර්ජනී සිවලිංගම් අතින් අද ක්‍රීඩා අයිතියට

PropellerAds

දේශපාලනඥයන් විසින් ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩක අයිතියට පත්කිරීමේ සම්ප්‍රදායට තිත තබමින් කිලිනොවිව් ක්‍රීඩා සංකීර්ණය ජාතික දැල්පන්දු ක්‍රීඩිකා ත...

ලේඛනාගාරයේ ඉපැරැණි ලේඛන හොරෙන් විකුණලා?
රාජ්‍ය ආයතන අඩපන කරන රහස් මෙහෙයුමක් .
බන්ධනාගාර ලොක්කන් පහකට තොණ්ඩුවක්.
දේශපාලනඥයන් විසින් ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩක අයිතියට පත්කිරීමේ සම්ප්‍රදායට තිත තබමින් කිලිනොවිව් ක්‍රීඩා සංකීර්ණය ජාතික දැල්පන්දු ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම්ගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමට ක්‍රීඩා
අමාත්‍යාංශය සැලසුම්කර තිබේ. අද17 වැනිදා ක්‍රීඩාංගණය ක්‍රීඩක අයිතියට පත්කිරීම වෙනුවෙන් පවත්වන උත්සවයේදී එය ඇය උතුරු පළාත් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට නිල වශයෙන් බාරදෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු පැවසීය.

 'අපිට අවශ්‍ය තමන්ගේ දක්ෂතාවයෙන් ක්‍රීඩකයන් නෙළාගන්නා ක්‍රීඩා පහසුකම් ඔවුන්ගේ සුරතින්ම අනාගත ක්‍රීඩකයන්ට ලබාදෙන්නයි. උතුරේ බිහිවූ දක්ෂ ක්‍රීඩකයන් අතරින් විශාල පිරිසකට එළියට එන්නට හැකිවුණේ නැහැ. දශක තුනක සාපලත් සිවිල් යුද්ධයකින් එම ප්‍රදේශයේ ජනතාව පීඩා වින්දා. එය අප රටක් වශයෙන් ලැබූ සුවිශාල
පරාජයක්, අපි උත්සාහ ගන්නේ උතුර, දකුණ, නැගෙනහිර හෝ බටහිර එසේත් නැතහොත් රට මැද කියා වෙනසකින් තොරව මවිබිම සතු තාරුණ්‍යයේ ජවය ජාත්‍යන්තරයට රැගෙන යන්නයි. ඒ යන ගමනේදී දශක තුනක් පමාවුණු උතුරේ තාරුණ්‍යයේ හැකියාවන් එළිදැක්වූ ක්‍රීඩකයන් කීපදෙනා අතර තර්ජනී සිවලිංගම් ප්‍රමුබයි. ඇය දැල්පන්දු ක්‍රීඩාව මගින් ආසියාව දිනාදෙන්න විශාල මෙහෙවරක නිරත වුණා. අවස්ථා ගණනාවකදී රට වෙනුවෙන් බොහෝ යුතුකම් කළා.

ඉතින්කිළිනොවිය ක්‍රීඩා සංකීර්ණය අලුත්වැඩියා කරන්න, උතුරේ තාරුණ්‍යයට නව බලාපොරොත්තු ඇතිකරන්න ක්‍රීඩා අමාත්‍ය ප්‍රමුඛ රජය දිරිගන්වලා වක්‍රාකාරයෙන් මූලිකත්වය ගත්තේ ඇයයි. ඊට කෘතගුණ පෑමක් වශයෙන් කිළිනොචිචි ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ ගෞරවනීය අවස්ථාව ඇයට පිරිනැමෙනවා. මෙය ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ගත් උදාර තීරණයක්. එතුමාගේ අතින් මෙය
ක්‍රීඩක අයිතියට බාරදෙනවා වෙනුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්වලට අනුව අමාත්‍යවරයා එම අවස්ථාව තර්ජනී සිවලිංගම් ක්‍රීඩිකාව වෙත පවරා තිබෙනවා. එය සමස්ත උතුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මගින් ඇය අහිනන්දනයට පත්කිරීමේ අවස්ථාවකට සමානයි" යැයි ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රුපියල් මිලියන 350ක වියදමින් අදාළ ක්‍රීඩා සංකීර්ණය නවීකරණය කර ඇති අතර එහි මීටර් 400ක ධාවන පථයක් ද ඉදිකර තිබේ. මෙම ධාවන පථය සින්තටික් ධාවන පථයක් බවට පත්කිරිම නුදුරේදීම ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා සඳහන් කළේ දිවයින්නේ ප්‍රදේශ ගණනාවක මේ ආකාරයෙන් සුපිරි ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර ක්‍රීඩක අයිතියට පත්වන කිලිනොවිචි ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ක්‍රීඩාගාරයක් යන පහසුකම්වලින් සමන්විත වෙයි.

-කසුන් ඉරුගල්බණ්ඩාර-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය තර්ජනී සිවලිංගම් අතින් අද ක්‍රීඩා අයිතියට
කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය තර්ජනී සිවලිංගම් අතින් අද ක්‍රීඩා අයිතියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzxm4zfIxzD83HhhMBdAvotHH29S00OH1yVvb-nXYotBTIzuGmCseBY_nBtU-9xn7NktWGYz8Xl9xuNSEFcFOcN9Z7-yMy3XfnVxnK_MV8JVxvOM1hyu-kui74_EMQLyJEG9HArpo7z8M/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzxm4zfIxzD83HhhMBdAvotHH29S00OH1yVvb-nXYotBTIzuGmCseBY_nBtU-9xn7NktWGYz8Xl9xuNSEFcFOcN9Z7-yMy3XfnVxnK_MV8JVxvOM1hyu-kui74_EMQLyJEG9HArpo7z8M/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_384.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_384.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy