බන්ධනාගාර තුළ පවතින දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ නිලධාරීන් පස් දෙනෙකු වගකිවයුතු බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ ...
බන්ධනාගාර තුළ පවතින දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ නිලධාරීන් පස් දෙනෙකු වගකිවයුතු බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
වැලිකඩ ඇතුළු ප්‍රධාන පෙළේ බන්ධනාගාර කීපයකම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් ඒ තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවටත්, ඇතැම් උසස් නිලධාරීන්, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් හා එක්ව මෙම ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් කෝටිපතියන් වී ඇති බවටත් ලැබී ඇති තොරතුරු මෙම ඉහළ මට්ටමේ පරීක්ෂණ ආරම්භ වීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද පැවසේ.
වත්මන් ඉහළ නිලධාරියකු එම තනතුරට පත් කිරීම සඳහා දේශපාලනඥයන් පසුපස යමින් සිට දූෂිත නිලධාරීන් සිව් දෙනෙකු කෙළින්ම මේවාට සම්බන්ධ වී ඇති බවට අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇතැයිද දැනගන්නට තිබේ.
COMMENTS