වැඩ වර්ජන කිරීම, අකුරට වැඩ කිරීම හා රාජ්‍ය ආයතනවල කාර්යාල වැටලීම වැනි සටන් උපක්‍රම හරහා රජයට බලපෑම් කිරීම සඳහා වූ වැඩපිළිවෙලකට දේශපාලන පක...
වැඩ වර්ජන කිරීම, අකුරට වැඩ කිරීම හා රාජ්‍ය ආයතනවල කාර්යාල වැටලීම වැනි සටන් උපක්‍රම හරහා රජයට බලපෑම් කිරීම සඳහා වූ වැඩපිළිවෙලකට දේශපාලන පක්ෂවලට සම්බන්ධ හා ස්වාධීන රාජ්‍ය අංශයේ සේවක වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.
උද්ඝෝෂණ වැනි පිටත සටන්වලට අමතරව රාජ්‍ය ආයතන අකර්මණ්‍ය කිරීම හරහා ආණ්ඩුවට බලපෑම් කිරීම එම වැඩපිළිවෙලෙහි අරමුණ බව එම පුවත්පත සමග අදහස් දක්වා ඇති ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් ප්‍රකාශ කර තිබේ.
අගෝස්තු 01 වැනිදා විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති, වරාය වෘත්තිය සමිති, තෙල් සංස්ථා වෘත්තීය සමිති, බැංකු වෘත්තීය සමිති ඇතුළු ප්‍රධාන රජයේ ආයතනවල වෘත්තීය සමිති හරහා රජය අකර්මණ්‍ය කිරීම කළ යුතු බව එහිදී යෝජනා වී ඇත.
එම කටයුතු සංවිධානය කිරීම සඳහා නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාට පවරා ඇත.
(අනිද්දා)
COMMENTS