යහපලනය ගොඩනැඟීමට රජය ගෙන ඇති පියවර අගය කල යුතු බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි. මේ අනුව දෙමළ ජනතාවගේ ජීවනෝප...
යහපලනය ගොඩනැඟීමට රජය ගෙන ඇති පියවර අගය කල යුතු බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.
මේ අනුව දෙමළ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට රජය පියවර ගෙන ඇති බවත් ඇය කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය ඊයේ (14) මේ බව පැවසීය.
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය මෙසේ අදහස් දැක්විය.
"යහපලනය ඇති කිරීමට කටයුතු කරනවා. උතුරු පළාත සංවර්ධනයාට අවධානයට යොමු කර තිබීම දෙමළ ජනතාවගේ සතුටට කරුණක්. යුද්ධයෙන් විපතට පත් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. යුද්ධයෙන් ජනතාවගේ නිවාස අහිමි වෙලා. ඔවුන් වෙනුවෙන් නිවාස ඉදිකල යුතු වෙනවා. නිවාස අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට නිවස 15,000ක් ඉදිකිරීමට මුදල් වෙන් කර තිබෙනවා. එය අගය කළ යුතු කාරණයක්.
"උතුරු, නැඟෙන හිර ජනතාවගේ නිවස ප්‍රශ්නය අවසන් කිරීමට සියලු දෙනා එකතු වෙලා කටයුතු කළ යුතු වෙනවා. පසුගිය වසර හතර තුළ හමුදාව සතු ඉඩම් බොහොමයක් මුදාගෙන තිබෙනවා. ජනතාව එම ඉඩම්වල පදිංචි කිරීමට අවධානය යොමු කළ යුතු වෙනවා. දෙමළ ජනතවගේ විශ්වාසය ගොඩනැඟීමට අප කටයුතු කළ යුතු යැයි ද පැවසූ නියෝජ්‍ය අමත්‍යවරිය එම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා."යැයි පැවසී ය.
COMMENTS