දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හමුදාව ගැන කියන කතා වලට යුධ හමුදාපතිගෙන් පිළිතුරු
Homeප්‍රවෘත්ති

හමුදාව ගැන කියන කතා වලට යුධ හමුදාපතිගෙන් පිළිතුරු

PropellerAds

ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 දෙනෙකුගේ සමන්විත සන්නද්ධ රථ කණ්ඩායමක්  මාලි රාජ්‍යය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකරීවල නිරතව සිටින  බවත් අප...

මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට?
මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට?
කොරෝනා ආරක්‍ෂිතම රටවල් එලි දක්වයි - ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට !
ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 දෙනෙකුගේ සමන්විත සන්නද්ධ රථ කණ්ඩායමක්  මාලි රාජ්‍යය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකරීවල නිරතව සිටින  බවත් අපේ හමුදා කණ්ඩායම් වල රාජකාරී සම්බන්ධයෙන් ඔවුන් විශේෂ   පැහැදීමකින් පසුවන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා  මහතා පවසයි.

මෙම කණ්ඩායම් වලට අවශ්‍ය සන්නද්ධ රථ 09 ක් මෙරට නිෂ්පාදනය කර   මාලි රාජ්‍යයට පසුගියදා යැවූ බවත් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට  සේවය ලබාදෙන අතරතුර සෙසු කාර්යයන්ද යුද හමුදාව කිසිදු අතපසු කිරීමකින්  තොරව සිදුකරන බවත් ඒ මහතා කීය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක  ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැකීමට ගියා යුද හමුදාපතිවරයා කොවිඩ්- 19 පාලනය කිරීමට රජය ගෙනගිය වැඩපිළිවෙළේදී යුද හමුදාව ලබාදුන් දායකත්වය සම්බන්ධව මහනාහිමිවරුන්ට පැහැදිලි කිරීමක්ද කළේය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ෂවේන්ද සිල්වා මහතා සන්නද්ධ රථයක්  විදේශ රටවලින් ආනයනය කිරීමට රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වැයවන   බවත් යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් එක්සත්  ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ආකාරයට මෙම රථයක් රුපියල් මිලියන 10 ක  මුදලකින් නිර්මාණය කර තිබෙන බවත් කීවේය.

මෙරට ඕනෑම අයෙකුට තමන්ගේ අවශ්‍යතාව මත යුද හමුදාව සම්බන්ධයෙන නොයෙක් ප්‍රකාශ කළ හැකි නමුත් ඒවාහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව තුළ විනිශ්චයක් තිබෙන බවත් යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙරට අති බහුතර ජනතාව තුළ ඇත්තේ විශාල පැහැදීමක් බවත් හෙතෙම  පැවසුවේය.

ශ්‍රී ලංකා යුද හමුදාව ජත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව තිබෙන බවත් කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයේදී හමුදා අංශ කළ මෙහෙය මෙරට ජනතාව  දන්නා බවත් ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ත්‍රිවිධ හමුදාව,පොලීසිය කළ මෙහෙය පිළිබඳව ඉතා ඉහළින් අගය කළ බවද හෙතෙම කීවේය.

කොරෝනා බලපෑමක් රටට එල්ලවී නොතිබුණු ගානට ඇතමුන් ක්‍රියාකරන තිබෙන බවත් මෙය ඉතා භායනක තත්ත්වයක් බවත් කී යුද හමුදාපතිවරයා කොවිඩ්-19 ආසාධිතයින් සමාජයේ නොසිටියත් රෝහල් වල සිටින බව අමතක නොකළ යුතු යැයිද අවධාරණය කළේය.

ජනපති හා අගමැති අවශ්‍යය මොහොතේ තීන්දු තීරණ නිවැරදි ලෙස ගැනීම නිසා අපට රටක් ලෙස කොවිඩ්-19 බලපෑමෙන් බොහෝ දුරට මිදීමට හැකිවූ බවත් සමාජයෙන් රෝගීන් වාර්තා නොවුනත් රෝහල් වල වෛරස් ආසාධිතයින්  සිටින නිසා වෛරසය රටින් තුරන්ව ගොස් නොමැති බව සමජයක් ලෙස අප  තේරුම්ගත යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

ඉන් අනතුරුව යුධ හමුදාපතිවරයා මල්වතු අනුනාහිමි පුජ්‍ය දිබුල්කුබුරේ විමලධම්ම නාහිමි නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර මෙහිදී අදහස් පල කල නාහිමි කියා සිටියේ ගෝඨාබය රාජපක්ස .මහින්ද රාජපක්ස ,සරත් ෆොන්සේකා ,සවේන්ද්‍ර සිල්වා ,කමල් ගුණරත්න ,ඩෙන්සිල් කොබ්බැකඩුව ,විජය විමලරත්න වැනි පුද්ගලයන් ජාතිය ,ආගම,දේශය රැක දුන් විරුවන් වශයෙන් ඉතිහාස ගත වන බවත් ,ශවේන්ද්‍ර සිල්වා වැනි අය රටට කල සේවය පුන ,පුනා නොකීවත් එය නොකිමද ගුණ මකු කමක් බවත් ලොව දියුණු ,ධනවත්
යැයි කියන රටවල් පරාදය කරමින් සියලු අංශ සහය ලබා ගනිමින් කොරෝනා මර්ධනය සදහා දායක වූ ආකාරය සැමගේ පැසසුමට ලක්වූ බවත්ය .

කමල් සුරවීර මහනුවර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හමුදාව ගැන කියන කතා වලට යුධ හමුදාපතිගෙන් පිළිතුරු
හමුදාව ගැන කියන කතා වලට යුධ හමුදාපතිගෙන් පිළිතුරු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNDWfVMuZI30k2_Qikkx9BHgwBw5mDen71WNflSyb-E90z_Kp5JTIQQppkUsyunOhZkYILV5uIwS6qV7sgb6HCjhF8mJLh1eMpQjiRV_-AZxwtoCB7LaJ-jjzZiOWfSuWO7u_MRdTF9-Q/s320/Army-Commander-Shavendra-Silva.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNDWfVMuZI30k2_Qikkx9BHgwBw5mDen71WNflSyb-E90z_Kp5JTIQQppkUsyunOhZkYILV5uIwS6qV7sgb6HCjhF8mJLh1eMpQjiRV_-AZxwtoCB7LaJ-jjzZiOWfSuWO7u_MRdTF9-Q/s72-c/Army-Commander-Shavendra-Silva.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_608.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_608.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy