දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු විනිසුරුවරියගේ සැමියාගේ ඉඩමේ මර උගුලෙන් අලියෙක් මරුට
Homeගොසිප්

හිටපු විනිසුරුවරියගේ සැමියාගේ ඉඩමේ මර උගුලෙන් අලියෙක් මරුට

PropellerAds

ඉහළ අධිකරණයක විශ්‍රාමලත් විනිසුරුවරියකට අයත් ඉඩමක නීති විරෝධී ලෙස විදුලි වැටක් ඇද දුර්ලභ ගණයේ කඳුකර වන අලියකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධ...

වෙරිවූ නියමුවා නිසා ශ‍්‍රීලන්කන් යානය පැය 15 ප‍්‍රමාදවේ
මහින්ද අලූත් පක්ෂයක් හැදුවොත් සියලූ රහස් එළිකරනවා - මෛත‍්‍රී
සැර මත්පැන් පානයෙන් ලංකාව ලෝකයේ අංක එකට

ඉහළ අධිකරණයක විශ්‍රාමලත් විනිසුරුවරියකට අයත් ඉඩමක නීති විරෝධී ලෙස විදුලි වැටක් ඇද දුර්ලභ ගණයේ කඳුකර වන අලියකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධව වනජීවී නිලධාරීන් විසින් එක් පුද්ගලයකු
සැකපිට ඊයේ (07දා) අත්අඩංගුවට ගන්නා ලදී. පසුගිය 4 වැනි දින රාත්‍රි මෙම අලියා විදුලි සැර වද්දවා මරා දමා තිබූ අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මධ්‍යම පළාත භාර වනජීවී පශු වෛද්‍ය ඩී.එම්. අකලංක මහතා විසින් 06දා පවත්වා තිබිණි.

එම විනිසුරුවරිය ඇයගේ
ස්වාමිපුරුෂයාගේ නමින් ලබාගෙන ඇති මෙම ඉඩම පිහිටා ඇත්තේ හපුතලේ, හල්දුම්මුල්ල, වෑලිය වල්මීතලාව ප්‍රදේශයේය. සොරගුණේ කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම්වලින් රබර් වගා කිරීම සඳහා යැයි පවසා අනූනව අවුරුදු බදු පදනම යටතේ අක්කර 25ක් වූ මෙම විශාල ඉඩම ඇය විසින් ලබාගෙන ඇත්තේ මීට වසර කිහිපයකට ඉහතදීය.

ඉඩම ලබාගෙන වසර ගණනාවක් ගත වී ඇතත් එය කිසිදු වගාවක් සඳහා යොදාගෙන නැති බවත් ඉඩමෙහි නිවෙසක් ඉදිකර ඇති අතර එහි නීත්‍යනුකූල නොවන ආකාරයට ප්‍රධාන විදුලි සැපයුම හරහා සම්බන්ධතාව ලබාදෙමින් විදුලි වැටක් ඇද තිබූ බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති. මේ වනවිට පොලිසිය විසින් විදුලි වැට ගලවා ඉවත් කර ඇති නමුත් සාක්ෂි විනාශ කළ නොහැකි බවද තමන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවද වනජීවී නිලධාරීහු කියා සිටිති.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 08දා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත භාර සහකාර අධ්‍යක්ෂ ඩී.එම්. වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවේ.

-සපුමල් ජයසේන-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු විනිසුරුවරියගේ සැමියාගේ ඉඩමේ මර උගුලෙන් අලියෙක් මරුට
හිටපු විනිසුරුවරියගේ සැමියාගේ ඉඩමේ මර උගුලෙන් අලියෙක් මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiM0H8vptpHeuJ7BmRvbfJvZB9tvLWsIVhPpl9CQS5_nOznSzboEl9anpxZH1ghKgvc8vCAhHk76hxqZSvriE5LOGA5vWfWMciWIsbTfiBXGdPx9UcHU9R6Jql_a9q0d_nvMviMFpIeXWo/s1600/1d5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiM0H8vptpHeuJ7BmRvbfJvZB9tvLWsIVhPpl9CQS5_nOznSzboEl9anpxZH1ghKgvc8vCAhHk76hxqZSvriE5LOGA5vWfWMciWIsbTfiBXGdPx9UcHU9R6Jql_a9q0d_nvMviMFpIeXWo/s72-c/1d5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_334.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_334.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy