දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං බීල එළෙව්වා කියලා පොලිසිය කිවූ දේ ඇත්තම නෙමේ - ලාල් කාන්ත
Homeගොසිප්

මං බීල එළෙව්වා කියලා පොලිසිය කිවූ දේ ඇත්තම නෙමේ - ලාල් කාන්ත

PropellerAds

ප සුගියදා බීමත්ව අපරීක්ෂාකාරීව රිය ධාවනය කොට අනතුරක් සිදුකර කාන්තාවකට තුවාල සිදු කරන ලද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත  දින කිහිපයක් ර...

උතුරේ පවුල් 17ක් නැවත පදිංචි කරයි (Photos)
ශ්‍රීලනිපය අත ලකුණින් ! - 'නාම යෝජනා සකසා අවසන්' - දුමින්ද.
ප්‍රබලයන් දෙදෙනෙකුට එරෙහිව එජාපයේ කැරැල්ලක් [Exclusive]
සුගියදා බීමත්ව අපරීක්ෂාකාරීව රිය ධාවනය කොට අනතුරක් සිදුකර කාන්තාවකට තුවාල සිදු කරන ලද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත  දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඊයේ (7) ඇප මත නිදහස් වූයේය.
පුද්ගලික ප්‍රතිපත්ති පිළිබඳ විශාල අවධානයක් පවතින පක්ෂයක
ප්‍රබල සාමාජිකයෙකු බීමත්ව හැසිරීම ගැටලුකාරී බවට මෙම සිද්ධියෙන් පසු සාකච්චාවක් පැනනැගුණි. මින් ඉහත මෙවැනි හැසිරීම් සිදු කළ අය පක්ෂයේ විනය කඩකළ අය ලෙස සලකා දඩුවමට ලක්ව තිබීම මත මේ ගැන සොයා බලන බවද පක්සයේ ප්‍රබලයින් දන්වා තිබුණි.
කෙසේ වෙතත් ඊයේ
ඇප මත නිදහස ලද පසු ලාල් කාන්ත කිව්වේ වෙනත් කථාවකි. අධිකරණය හමුවේ විභාග වන නඩුවක් වූ බැවින් මේ ගැන ඔහු සෘජුවම අදහස් නොකීවත් කියූ දේවල්වලින් ගම්‍ය වන්නේ පොලිසිය ඔහු බීමතින් සිටි බවට කළ ප්‍රකාශ සාවද්‍ය බවකි.

'ශ්‍රී ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු  දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැහැ'
ඔහු කියා සිටියේය.

"පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරුපැදියක  ගැටී අනතුරක් සිදු වුණා. මම කනගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බරපතළ හානියක් නොවී  එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව
පැමිණි යතුරුපැදිය තමයි මගේ වාහනයේ  ගැටුණේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොලිසියේ  විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා,

 එතැනින් පසුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා..
මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය  පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා.
පොලීසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා ” ඔහු වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං බීල එළෙව්වා කියලා පොලිසිය කිවූ දේ ඇත්තම නෙමේ - ලාල් කාන්ත
මං බීල එළෙව්වා කියලා පොලිසිය කිවූ දේ ඇත්තම නෙමේ - ලාල් කාන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUfPA0XKC_e7iHB5o-j9uUABn1DGZ-hgIwWgQsV-NenOCy_CjGq-l2kaNDSgbCrHb_F9VRTv3cD3zaDSzbFL4dj8ts1ky9UhREPH8UYtBYvswYMxW7rNf1G7zwnPh8qyl3bz9lKKx_9aM/s1600/image_07250d1194.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUfPA0XKC_e7iHB5o-j9uUABn1DGZ-hgIwWgQsV-NenOCy_CjGq-l2kaNDSgbCrHb_F9VRTv3cD3zaDSzbFL4dj8ts1ky9UhREPH8UYtBYvswYMxW7rNf1G7zwnPh8qyl3bz9lKKx_9aM/s72-c/image_07250d1194.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_328.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_328.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy