ආරක්ෂක හේතුමත ශ්‍රී ලංකා යුධ හමුදාව භාවිතා කරනු ලැබූ ඉඩම් උතුරේ ජනතාව වෙත අද (30 දා) පවරා දෙනු ලැබිණි. ඉඩම් ලබා දීමේ 16 වැනි අදියර යටතේ යා...
ආරක්ෂක හේතුමත ශ්‍රී ලංකා යුධ හමුදාව භාවිතා කරනු ලැබූ ඉඩම් උතුරේ ජනතාව වෙත අද (30 දා) පවරා දෙනු ලැබිණි. ඉඩම් ලබා දීමේ 16 වැනි අදියර යටතේ යාපනය ඔට්ටාපුලම් ප්‍රදේශයේ අක්කර 29 ක භූමි ප්‍රමාණයක් මෙලෙස නැවත සිවිල් ජනතාව අතට පත් කෙරිණි.
ඒ අනුව ඔට්ටාපුලම් වාසවිලාන් මාර්ගය, ශාන්ත මරියා දේවස්ථානය හා වඩමෝලේ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලට අයත් භූමි භාගය සිවිල් ජනතාවගේ අයිතිය වෙනුවෙන් මුදා හරින ලදි.
මෙමගින් ප්‍රදේශයේ පවුල් 17 කට නැවත පදිංචි වීමට අවස්ථාව සැලසේ.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් , යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජරනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යුධහමුදා නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් , කතෝලික පියතුමන්ලා ඇතුළුව ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.
COMMENTS